ධීවර ප්‍රජාවට රතු එළි

සක්‍රීය නිරිතදිග මෝසම් කාලගුණය නිසා අරාබි මුහුදු ප්‍රදේශයේ ඉතා තද සුළං පැවැතිය හැකි බවද  මුහුද ඉතා රළු විය හැකි බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවයි.

බස්නාහිර, සබරගමුව, සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය,ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සිහින් වැසි වාර කීපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

ඌව පළාතෙත් අම්පාර සහ මඩකළපුව දිස්ත්‍රික්කවලත් සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ ස්ථාන ස්වල්පයක වැසි  හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

 දැනට මෙම ප්‍රදේශවල ධීවර කටයුතුවල යෙදී සිටින පිරිස වාහාම ගොඩ බිමට හෝ ආරක්ෂිත ස්ථානයක් වෙත යන ලෙසත් පවා ඇත.

සිතියමේ රතු වර්ණයෙන් දැක්වෙන මුහුදු ප්‍රදේශවලට නැවත දැනුම් දෙනතුරු යාත්‍රා නොකරන්නැයිද නාවික හ ධීවර ප්‍රජාවට දැනුම් දී ඇත.