ජ්‍යෙෂ්ඨ ගුවන්විදුලි මාධ්‍ය­වේ­දිනි සුමනා  ජය­ති­ලක ජාතික යුග මෙහෙ­ව­රක් කළ දිරිය කාන්තාවක් -ආචාර්ය බන්දුල ගුණ­ව­ර්ධන

මෙරට ගුව­න්වි­දුලි මාධ්‍ය­යට නව පරි­ච්ඡේ­ද­යක් එක්කළ ජ්‍යෙෂ්ඨ ගුවන් විදුලි මාධ්‍ය­වේ­දිනී සුමනා ජය­ති­ලක මහ­ත්මිය ලාංකේය දරු පර­පුර සමා­ජ­යට අවශ්‍ය ලෙස සකස් කිරීම සඳහා දුර­දක්නා ඥාන­ය­කින් යුතුව කට­යුතු කර­මින් ජාතික යුග­මෙ­හෙ­ව­රක් ඉටු කළ දිරිය කාන්තා­වක් බව ජන­මාධ්‍ය සහ ප්‍රවා­හන හා මහා­මාර්ග ඇමැති, ආචාර්ය බන්දුල ගුණ­ව­ර්ධන මහතා සඳහන් කළේය.

මේ බව ඇමැ­ති­ව­රයා  සඳහන් කළේ අභා­ව­ප්‍රාප්ත ජ්‍යෙෂ්ඨ ගුව­න්වි­දුලි මාධ්‍ය­වේ­දිනී සුමනා ජය­ති­ලක මහ­ත්මි­යගේ දේහ­යට අව­සන් ගෞරව දැක්වී­මට ඊයේ (04) පස්ව­රුවේ ශ්‍රී ලංකා ගුව­න්වි­දුලි සංස්ථා­වට පැමිණි අව­ස්ථා­වේදී ය.