ජ්‍යෙෂ්ඨ ගුවන්විදුලි මාධ්‍යවේදිනි සුමනා ජයතිලක ජාතික යුග මෙහෙවරක් කළ දිරිය කාන්තාවක් -ආචාර්ය බන්දුල ගුණවර්ධන
මෙරට ගුවන්විදුලි මාධ්‍යයට නව පරිච්ඡේදයක් එක්කළ ජ්‍යෙෂ්ඨ ගුවන් විදුලි මාධ්‍යවේදිනී සුමනා ජයතිලක මහත්මිය ලාංකේය දරු පරපුර සමාජයට අවශ්‍ය ලෙස සකස් කිරීම සඳහා දුරදක්නා ඥානයකින් යුතුව කටයුතු කරමින් ජාතික යුගමෙහෙවරක් ඉටු කළ දිරිය කාන්තාවක් බව ජනමාධ්‍ය සහ ප්‍රවාහන හා මහාමාර්ග ඇමැති, ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කළේය.
මේ බව ඇමැතිවරයා සඳහන් කළේ අභාවප්‍රාප්ත ජ්‍යෙෂ්ඨ ගුවන්විදුලි මාධ්‍යවේදිනී සුමනා ජයතිලක මහත්මියගේ දේහයට අවසන් ගෞරව දැක්වීමට ඊයේ (04) පස්වරුවේ ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවට පැමිණි අවස්ථාවේදී ය.