හිස් වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයට කුහදාසන් නම් කෙරේ

දෙමළ ජාතික සන්ධානයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්. සම්බන්ධන් මහතාගේ අභාවයෙන් හිස් වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය සඳහා කදිරවේලු සන්මුගම් කුහදාසන් මහතා නම් කර ඇත.

9 වන පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයෙකු ලෙස ත්‍රිකුණාමලය මැතිවරණ කොට්ඨාසය සඳහා එතුමා  තෝරාපත් කරගත් බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේය.

මේ වන විට එම කොමිසම මඟින් ඊට අදාළ ගැසට් නිවේදනය ප්‍රකාශයට පත්කර තිබේ.