මැතිසබය ප්‍රතිසංස්කරණ පත්‍රිකාව කැබිනට්ටුවට

පූර්ණ ලෙස පාර්ලිමේන්තු සංකීර්ණය ප්‍රතිසංස්කරණය කිරීමට  අනුමැතිය ඉල්ලා   කැබිනට්  පත්‍රිකාවක් යොමු කර ඇතිබව  පාර්ලිමේන්තු ආරංචි මාර්ග පවසයි.

බොහෝ දුරට එම පත්‍රිකාවට අද හෙටම අනුමැතිය ලැබෙනු ඇතැයි දැනගන්නට ඇත.

පාර්ලිමේන්තුව පිහිටවූදා සිට වර්තමානය දක්වාම  එහි පූර්ණ ප්‍රතිසංස්කරණයක් සිදුවී නැතිබව  නිලධාරීහු පෙන්වා දෙති.

එම නිසා පාර්ලිමේන්තු සංකීර්ණයේ ප්‍රධාන වහල ඇතුළු ස්ථාන රැසක් දිරාපත්ව විනාශ වෙමින් තිබෙන බව ඔවුහු  සඳහන් කරති.

එපමණක් නොව පාර්ලිමේන්තු සභා ගර්භයද ඉතා දීර්ඝ කාලයකින් ප්‍රතිසංස්කරණය කෙරී නැතැයි සඳහන් වේ.