රෝහිතගේ උළෙලට ගෝඨාභය-මහින්ද සමග ජනපති රනිල් වික්‍රමසිංහ මහතාත් එක්වෙයි

රෝහිත අබේගුණවර්ධන මහතාගේ දේශපාලන ජීවිතයට වසර 27ක් පිරීම නිමිත්තෙන් කළුතර පැවති උළෙලට විශේෂ ආරාධිතයකු ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ද එක්විණ.

එම අවස්ථාවට හිටපු ජනාධිපතිවරු දෙපළක් වූ මහින්ද රාජපක්ෂ හා ගෝඨාභය රාජපක්ෂ, හිටපු ඇමැති බැසිල් රාජපක්ෂ, පාර්ලිමේන්තු මන්ත්‍රි ධම්මික පෙරේරා, නාමල් රාජපක්ෂ යන මහත්වරුන් ඇතුළු පිරිසක් ද එක්ව සිටියහ.