ව්‍යාපාර 14ක් අලුතින් බදු දැලට හසුවේ

රජය ක්ෂේත්‍ර තවත්   14කින්  බදු අය කිරීමට තිරණය කර ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත්  සියඹලාපිටිය  මහතා පැවසීය.

 ඊට මහා පරිමාණ උපකාර පංති, පෞද්ගලික පාසල්,  පෞද්ගලික වෛද්‍ය සේවා ස්ථාන, ඉංජිනේරු සේවා ස්ථාන සහ   මිනින්දේරු සේවා  ඒ  අංශ දාහතරට ඇතුළත් වන බවද ඔහු සඳහන් කළේය.

මෙහිදී  එම  අංශවල ලියාපදිංචි වුණු සියලු දෙනාගේ ආදායම් පිළිබඳ පැහැදිලි විමර්ශනයක් දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුව කරගෙන යන බව පැවසූ රාජ්‍ය අමාත්‍යවරයා  බදු ගෙවීම් පැහැර හැරීමට කිසිදු අයකුට අවස්ථාවක් නොදෙන බවද සඳහන් කරන ලදි.

බදු ගෙවීම සම්බන්ධයෙන් විශේෂ අවධානය යොමු කළ මෙවැනි වකවානුවක් කිසිම දිනක නොතිබූ බව ඔහු පැවසීය.