ඊජිප්තු ස්ටෝබෙරි නුවරඑළියේ සරුවේ

ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව මගින් නුවරඑළියේ  ආරම්භ කරන ලද අපනයනය ඉලක්ක කරගත් ස්ට්‍රෝබෙරි වගාව මේ වනවිට සාර්ථක වී ඇති බව  අමාත්‍යාංශය ප්‍රකාශ කරයි.

මෙම ස්ට්‍රෝබෙරි ආදර්ශ වගාව රජය මැදීහත් වී ක්‍රියාත්මක කරන පළමු ස්ට්‍රෝබෙරි වගා ආදර්ශ ව්‍යාපෘතිය වේ.

නුවරඑළියේ බ්ලැක්පූල් ප්‍රදේශය හා ඒ ආශ්‍රිතව ගොවීන් 52කගේ අනුග්‍රහයෙන්  හරිතාගාර 40ක මෙම වගාව ආරම්භ විය.

මෙම වගාව අරඹා  දැනට මාස දෙකක් පමණ ගත වී ඇත.

  කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා එම වගාව නිරීක්ෂණය කරන ලදි.

ඊජිප්තුවේ සිට ආනයනය කරන ලද ස්ට්‍රොබෙරි පැල මෙම ගොවීන් අතර බෙදාහැර තිබෙන අතර මෙම වගාව සඳහා වන සියලු මුල්‍ය ප්‍රතිපාදන හා තක්ෂණික දායකත්වය ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව විසින් සපයා ඇත.