මෙම වසර අවසානයට පෙර පොදු ප්‍රවාහනයට විද්‍යුත් ප්‍රවේශ පත්‍ර

මෙම වසර අවසානයට පෙර දුම්රිය ඇතුලු පොදු ප්‍රවාහන සේවා ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම සඳහා විද්‍යුත් ක්‍රමවේදයක් හඳුන්වා දෙන බව ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශයේ ලේකම් රංජිත් ගංගනාත් රූබසිංහ මහතා පවසන ලදි.

‘දෙවසරක ප්‍රගතිය සහ ඉදිරිය’ යන මැයෙන් (08 ) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශයේ ලේකම් රංජිත් ගංගනාත් රූබසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේය.

පවතින ආර්ථික අර්බුදය හමුවේ වුවද 2022 ට පෙර සිදු කළ මාර්ග සංවර්ධන ව්‍යාපෘතිවල ගෙවීම් කටයුතු සඳහා පසුගිය දෙවසර තුළ රජය විසින් රුපියල් බිලියන 390ක් ලබා දී තිබේ.

 කොන්ත්‍රාත්කරුවන් සඳහා රුපියල් බිලියන 300ක්ද ණය ගෙවීම සඳහා රුපියල් බිලියන 90ක්ද වශයෙන් එම මුදල් වැය කර ඇති බවද ඒ මහතා වැඩිදුරටත් සඳහන් කරන ලදි.