අයුක්ති සහගත වර්ජන හේතුවෙන් දරුවන්ට අධ්‍යාපනය ලැබීමේ අවස්ථාව ද අහිමි කර ඇතිබව රාජ්‍ය ඇමති කනක හේරත් පවසයි

තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මහතා මේ බව සඳහන් කර සිටියේ ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන්  (08) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් මැතිවරණයක් ආසන්නයේ අයුක්ති සහගත වැඩවර්ජන දියත් කිරීමෙන් දරුවන්ට අධ්‍යාපනය ලැබීමේ අවස්ථාව ද අහිමි කර තිබෙන බව තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මහතා පැවසීය.

මෙම වර්ජන, උද්ඝෝෂණ මඟින් බලාපොරොත්තු වන්නේ ජනතාවට ලැබෙමින් තිබෙන සහනදායී ජීවන තත්ත්වය කඩාකප්පල් කිරීම ද යන්නට විපක්ෂය පිළිතුරු සැපයිය යුතු බව ද රාජ්‍ය අමාත්‍යවරයා විසින් සඳහන් කෙරිණ.