දුම්රිය ස්ථානවලට යුද හමුදා ආරක්ෂාව

දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ හා පාලකවරුන්ගේ වැඩ වර්ජනය හේතුවෙන් දුම්රිය ස්ථාන 45 කට යුද හමුදා භට පිරිස් යොදා ඇත.

 නුවර, කටුගස්තොට, මාතලේ,  ජේරාදෙණිය, ගම්පොළ, නාවලපිටිය, හැටන්, වටවල, කොටගල, තලවකැලේ, නානුඔය, අඹේවෙල, පුත්තලම,  හලාවත, මාදම්පෙ, නාත්තණ්ඩිය, අලව්ව, පොල්ගහවෙල, කුරුණෑගල, මහව ඇතුළු දුම්රිය ස්ථාන 45 ක ආරක්ෂාව යොදා ඇති බව යුද හමුදාව පවසයි.

ආරක්ෂක අමාත්‍යංශය  විසින් හමුදාධිපති ලුතිනන් ජෙනරාල් විකුම් ලියනගේ මහතාගෙන් කළ ඉල්ලීමකට අනුව දුම්රිය ස්ථානවලට ආරක්ෂාව සපයනු ලබන පොලිසියට සහායවීම සදහා යුද හමුදා නිලධාරීන් ද යොදවා තිබේ.