විශ්‍රාම වැටුප් බැංකු වලට නිදහස් කෙරෙයි

විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ජගත් ඩී. ඩයස් මහතා  රාජ්‍ය අංශයේ ඇතැම් පිරිසක් වැඩ වර්ජනයක නිරතවුවද, ලියාපදිංචි විශ්‍රාමිකයින් හත්ලක්ෂ අටදහස් දෙසීය තිස් එකකට  (708,231) ජුලි මාසයේ 10 වන දිනට ගෙවීමට නියමිත විශ්‍රාම වැටුප් දීමනාව ඊයේ  (9)  බැංකු වෙත නිදහස් කිරීමට කටයුතු කළ බව පවසන ලදි.

ඒ අනුව රුපියල් බිලියන 28.5ක මුදල් රාජ්‍ය හා පෞද්ගලික බැංකු 24කට සහ තැපැල් දෙපාර්තමේන්තුව වෙත නිදහස් කළ බව අධ්‍යක්ෂ ජනරාල්වරයා පැවසීය.