නතාෂා එදිරිසූරියට ඇප

බෞද්ධ ආගමට නිගාවන ආකාරයෙන් ප්‍රකාශයක් කළැයි කියන සිද්ධියකට මාසයක අධික කාලයක් රිමාන්ඩ් බාරයේ රඳවා සිටි සමාජ මාධ්‍ය ක්‍රියාකාරීයක බව කියන නතාෂා එදිරිසූරිය ඇප මත මුදා හරින්නැයි කොළඹ මහාධිකරණ විනිසුරු ආධිත්‍ය පටබැඳි මහතා නියෝග කළේය.

ඇයට ඇප දීමට විරුද්ධ නොවන බව නිතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි  ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දීලිප පිරිස් මහතා කළ දැනුම්දීමක් පිළිගත් විනිසුරුවරයා රුපියල් ලක්ෂයක ශරීර ඇපයක් මත මුදා හරින්නැයි  නියම කළේය.

ජනාධිපති නීතිඥ අනුෂ ප්‍රේමරත්න මහතා ඉදිරිපත් කළ ඇප ඇයැදුම් පත්‍රයක් සලකා බැලීමෙන් අනතුරුව සැකකාරියට ඇපදුන්  විනිසුරුවරයා  මෙම නඩු තීන්දුව වහාම කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට යොමු කරන ලෙස ද මහාධිකරණ රෙජිස්ටාර්වරයා නියම කළේය.