ජනපති රනිල් – අදානි හමුවෙයි..!

ඉන්දියාවේ දෙදින නිල සංචාරයක නිරත වන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අදානි සමූහයේ සභාපති ගෞතම් අදානි සමඟ සාකච්ඡාවක් පවත්වා ඇත.

එම සාකච්ඡාවේදී ශ්‍රී ලංකාවේ ආරම්භ කිරීමට නියමිත ව්‍යපෘති කිහිපයක් සම්බන්ධයෙන් සාකච්ඡා කළ බව ගෞතම අදානි මහතා පවසා තිබේ.

කොළඹ වරාය බටහිර බහාලුම් පර්යන්තය සංවර්ධනය කිරීම, මෙගා වොට් 500 ක් ධාරිතාවයෙන් යුත් සුළං විදුලිබල ව්‍යාපෘතිය සහ හරිත හයිඩ්‍රජන් වායුව නිපදවීම සඳහා බලශක්ති විශේෂඥ දැනුම සැපයීම ඇතුළු ව්‍යාපෘති රැසක් සම්බන්ධයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමඟ සාකච්ඡා කළ බව ගෞතම අදානි මහතා සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් ප්‍රකාශ කර ඇත.