ජනපති ජර්මනියට

සිව් දින නිල සංචාරයක් සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජර්මනිය බර්ලින් නුවරට හෙට (26) පිටත්ව යයි.

ජනාධිපතිවරයා මෙම සංචාරයේදී බර්ලින් ගෝලීය සංවාදය සඳහා සහභාගී වීමට නියමිත අතර ජනාධිපතිවරයා එහි පළමු දින සංවාද සැසියේ ආරම්භක දේශනය සිදු කිරීමට ය.

බර්ලින් ගෝලීය සංවාදය යනු වර්තමාන භූ දේශපාලනික සහ ආර්ථික අභියෝගවලට ගෝලීය වශයෙන් විසඳුම් සෙවීම සඳහා වූ ඉහළ පෙලේ සැසියකි.

ජර්මන් සංචාරයෙන් අනතුරුව ජනාධිපතිවරයා ලබන සෙනසුරාදා (30) නැවත දිවයිනට පැමිණීමට නියමිතය.

ඇමරිකාවේ නිව්යෝක් නුවර පැවති එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 78 වන සැසිවාරයට සහභාගී වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දිවයිනට පැමිණියේ ඊයේ(24) පෙරවරුවේය.