ශ්‍රී ලංකා – ඊශ්‍රායල් ගුවන් ගමන් යළිත්

ශ්‍රී ලංකාවේ සිට ඊශ්‍රායලයට පැමිණෙන ශ්‍රී ලාංකික ගුවන් මගීන්ට ගුවන් සේවා යළි ආරම්භ කළ බව ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර පවසයි.

පසුගිය 13 වන දා ඊශ්‍රායලයට එල්ල වූ ඉරාන මිසයිල් ප්‍රහාර හා ගුවන් සීමා වසාදැමීම හේතුවෙන් තාවකාලිකව අත්හිටුවන ලද ගුවන් ගමන් මෙසේ යළි ආරම්භ කර තිබේ.

තානාපතිවරයාට අනුව, ආකියා (Arkia) ගුවන් සමාගමේ ගුවන්යානයක් අප්‍රේල් මස 18 වන දා පෙරවරුවේ කොළඹ සිට ටෙල් අවිව් බලා පැමිණීමට නියමිත ය.