ක්‍රීඩක ක්‍රීඩිකාවන් 750කට මසකට රුපියල් 10,000 බැගින් මූල්‍ය ප්‍රදානයක්

0

ලොව දිනන ක්‍රීඩා ශක්ති’ වැඩසටහන නව වසරේ නව මුහුණුවරකින් ආරම්භ කිරීමට ක්‍රීඩා අමාත්‍යාංශය කටයුතු කර තිබෙනවා

ඒ වෙනුවෙන් රුපියල් මිලියන 100ක මුදලක් වැය කිරීමට අපේක්ෂා කෙරන බවයි ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව සැලසුම්කොට ඇත්තේ.

ඒ අනුව රට පුරා දක්ෂ ක්‍රීඩක ක්‍රීඩිකාවන් 750කට මසකට රුපියල් 10,000 බැගින් මූල්‍ය ප්‍රදානයක් මේ වසරේ පෙබරවාරි මාසයේ සිට ලබා දීමට ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව සැලසුම්කොට තිනෙවා.

මෙම මුදල් ප්‍රදානයෙන් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ පෝෂණය ඉහළ නංවා ගැනීමට අවශ්‍ය අත්වැලක් සැපයීම අරමුණ වේ.

තෝරාගත් ක්‍රීඩා 24කට අදාළ දක්ෂතා ඇති ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට මේ සඳහා අයැදුම් කළ හැකි අතර, ඔවුන් කොළඹට ගෙන්වා තෝරා ගැනීම් සිදු කරන බව ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය (රියර් අද්මිරාල්) ෂේමාල් ප්‍රනාන්දු මහතා පැවසුවා.

ලොව දිනන ක්‍රීඩා ශක්ති’ වැඩසටහන ක්‍රීඩා ඇමැති හරීන් ප්‍රනාන්දු මහතා තනතුරට පත්වී දින 34ක් ගතවෙද්දී සක්‍රිය තත්ත්වයට ගෙන ඒමට හැකිවූ බව ද ඒ මහතා සඳහන් කළා.

මේ වසරේදී ක්‍රීඩා සංගම් යටතේ ක්‍රියාත්මක වන ජාතික සංචිතවල ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ පෝෂණය, ඖෂධ හා අනෙකුත් අවශ්‍යතා වෙනුවෙන් රුපියල් මිලියන 277ක් වෙන්කර තිබෙනවා.

එම ජාතික සංචිතවල ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ ප්‍රගතිය අනුව මුදල් ප්‍රදානය කිරීමට ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව කටයුතු යොදා තිබෙන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *