ප්‍රජා පොලිස් කමිටු ශක්තිමත් කිරීමට කැනඩාවේ පීල්හි පොලිස් ප්‍රධානියාගේ සහයෝගය

0

කැනඩාවේ පීල් කලාපයේ පොලිස් ප්‍රධානී නිශාන් දොරේඅප්පා මහතා මෙරට ප්‍රජා පොලිස් කමිටු තවදුරටත් ශක්තිමත් කිරීමට සහාය දීමට  පොරොන්දු වී තිබෙනවා.

ශ්‍රී ලංකාවේ විශේෂ නිල සංචාරයක නිරත කැනඩාවේ පීල් කලාපයේ පොලිස් ප්‍රධානී නිශාන් දොරේඅප්පා මහතා කොළඹ පොලිස් මුලස්ථානයේදී මහජන ආරක්‍ෂක ඇමැති ටිරාන් අලස් මහතා මුණගැසී විශේෂ සාකච්ඡාවකට එක් වූ අවස්ථාවේදී මේ බව සදහන් කර තිබෙන්නේ.

දෙරටේ ආරක්ෂාව සම්බන්ධ කරුණු රැසක් පිළිබඳ අවධානය යොමු කළ මේ සාකච්ඡාවේදී මහජන ආරක්‍ෂක ඇමැති ටිරාන් අලස් මහතාගේ උපදෙස් හා මඟපෙන්වීම යටතේ ක්‍රියාත්මක කෙරෙන ප්‍රජා පොලිස් ඒකක ශක්තිමත් කිරීමේ වැඩපිළිවෙළ කැනේඩියානු පොලිස් ප්‍රධානියාගේ විශේෂ ඇගයීමට ලක් වී තිබෙනවා.

එමෙන්ම දෙරටේ ආරක්ෂක කටයුතු පිළිබඳ වැදගත් කරුණු රැසක් කෙරෙහිද එහිදී අවධානය යොමු කර ඇති බව සදහන්.

කැනඩාවේ පීල් කලාපයේ පොලිස් ප්‍රධානී නිශාන් දොරේඅප්පා මහතා 1975 වසරේදී එල්ටීටීඊය විසින් ඝාතනය කරන ලද යාපනයේ හිටපු නගරාධිපති ඇල්ෆ්‍රඩ් දොරේඅප්පා මහතාගේ ඥාති පුත්‍රයකු වනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *