කිරි නිෂ්පා­ද­නයේ ගැටලු ගැන අත්පො­තක් නිකුත් වෙයි

පර්යේ­ෂ­ක­යන් කණ්ඩා­ය­මක් විසින් ‘Farmer Manual on Drought Resilient Dairy Farming in the Dry Zones of Sri Lanka’නමින් අත්පො­තක් ශ්‍රී ලංකාවේ කිරි නිෂ්පා­ද­ක­ය­න්ගෙන් වැඩි පිරි­සක් සිටින වියළි කලා­පයේ කලක පටන් පව­තින ගැට­ලු­වක් වන කිරි ගව­යන්ගේ නිෂ්පා­ද­නය නියං සම­යේදී සැල­කිය යුතු ලෙස අඩු­වීම සඳහා පිළි­යම් ඇතු­ළත් තාක්ෂ­ණික ක්‍රම­වේද සහිත මාර්ගෝ­ප­දේ­ශන නිකුත් කරන ලදි.

මේ අත්පොත පේරා­දෙ­ණිය විශ්ව­වි­ද්‍යා­ලයේ බාහිර කථි­කා­චා­ර්ය­ව­ර­යකු වශ­යෙන් සේවය කරන ආචාර්ය කේ. එෆ්. එස්. ටී. සිල්වා මහ­තාගේ ජ්‍යෙෂ්ඨ උප­දේ­ශ­ක­ත්වය යටතේ ඌව වෙල්ලස්ස විශ්ව­වි­ද්‍යා­ලයේ සත්ත්ව විද්‍යා හා අප­න­යන කෘෂි­කර්ම පීඨ­යට අනු­බද්ධ ජ්‍යෙෂ්ඨ කථි­කා­චා­ර්ය­ව­රුන් වන ආචාර්ය දේශානි සී. මුද­න්නා­යක, ආචාර්ය නිශානි අබේ­සිංහ සහ කථි­කා­චාර්ය නාමල් රණ­වීර නිල­ධා­රී­න්ගෙන් සම­න්විත වූ පර්යේ­ෂ­ක­යන් කණ්ඩා­ය­මක් මේ සඳහා සිදු කළ ක්ෂේත්‍ර අධ්‍ය­ය­න­යක් සහිත විවිධ පර්යේ­ෂණ ඇසු­රින් සකස් කර ඇත