මහ බැංකුවෙන් නව විවරණයක් – ආර්ථිකය 3%කින් නගී

0

මේ වසරේ (2024) දී ශ්‍රී ලංකා ආර්ථිකය සියයට 03කින් වර්ධනය වනු ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව පුරෝකථනය කර ඇත. නව මහ බැංකු පනත අනුව ප්‍රථම වරට නිකුත් වූ මහ බැංකුවේ ‘වාර්ෂික ආර්ථික විවරණය’ නම් වාර්තාවේ (2023) මේ බව දැක්වේ.

මුදල් ප්‍රතිපත්ති ලිහිල් කිරීම සහ අඩු උද්ධමන පරිසරයේ ප්‍රතිලාභ ආර්ථිකය වෙත අඛණ්ඩව ගලායෑම හේතුවෙන් මේ ආර්ථික වර්ධනය වාර්තා කරනු ඇතැයි අපේක්‍ෂා කරන බවත් ගිය වසරේ (2023) දී සියයට 2.3කින් ආර්ථිකය පසුබෑමට ලක්වූ බවත් එම වාර්තාවේ සඳහන් වේ.

කාර්තු හයක් (06) අඛණ්ඩව පසුබෑමට ලක් වූ ආර්ථිකය 2023 වසරේ දෙවන මාස හයේදී ධන ආර්ථික වර්ධනයක් වාර්තා කළ බවත් එම ආර්ථික කාර්යසාධනය සහ ආර්ථිකය යථා තත්ත්වයට පත්වීම ඉදිරි කාල පරිච්ඡේදයේදී අඛණ්ඩව පවතිනු ඇති බවත් එම වාර්ෂික ආර්ථික විවරණයේ (2023) දැක්වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *