කොළඹ මැයි රැළිවලට ක්‍රීඩාංගණ වෙන් කර ගනී- කොළඹ නාගරික කොමසාරිස්

0

එක්සත් ජාතික පක්ෂය, පොදුජන පෙරමුණ, සමගි ජනබලවේගය, ජනතා විමුක්ති පෙරමුණ ඇතුළු කොළඹ පැවැත්වෙන මැයි රැළි සැමරුම් සඳහා පක්ෂ සහ සිවිල් සංවිධාන මුදල් ගෙවා ක්‍රීඩාංගණ වෙන්කර ගෙන ඇතැයි කොළඹ මහ නගර සභාවේ නාගරික කොමසාරිස් භද්‍රානි ජයවර්ධන මහත්මිය පැවැසුවාය.

මැයි දින උත්සව සඳහා ලක්ෂ 05ක පමණ පිරිසක් කොළඹට පැමිණෙනු ඇතැයි අනුමාන කර එම ජනතාවට අවශ්‍ය සනීපාරක්ෂක, ගිනි නිවීම් ඇතුළු පහසුකම් සැලසීමට මහ නගර සභාව කටයුතු කරන බව ද ඇය කියා සිටියාය. මැයි දිනයට සමගාමීව රණසිංහ ප්‍රේමදාස, ටී.බී. ඉලංගරත්න, ඒ.ඊ. ගුණසිංහ යන මහත්වරුන්ගේ පිළිරුවලට පුෂ්පෝපහාර දැක්වීමක් සිදුකරන බව ද ඇය පැවසුවාය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *