ආහාර පනතේ රෙගුලාසි සම්බන්ධයෙන් විශේෂ හමුවක්

0

මෙරට ක්‍රියාත්මක ආහාර පනතේ රෙගුලාසි සම්බන්ධයෙන් ආහාර නිෂ්පාදකයන් හට තිබෙන ගැටලු වලට විසදුම් ලබා ගැනීමේ අරමුණින් විශේෂ හමුවක්  (4) දා පෙරවරුවේ බත්තරමුල්ල වෝටර්ස් එජ් හෝටලයේ දී පැවැත්විණි.

සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම විශේෂ හමුව සදහා මෙරට ප්‍රධාන පෙලේ ආහාර නිෂ්පාදන ආයතන නියෝජනය කරමින් නියෝජිතයින් පිරිසක්ද, සහභාගී විය.

 සෞඛ්‍ය අමාත්‍යංශයේ ආහාර පාලන එ්කකයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය ආනන්ද ජයලාල් මහතා ප්‍රමුඛ එම අංශය මගින් මෙය සංවිධානය කර තිබිණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *