ගංවතුර තත්ත්වය හේතුවෙන් පීඩාවට පත්ව ඇති ජනතාවට සහන විශේෂ වැඩපිළිවෙලක්

0

පැවති අයහපත් කාලගුණය හේතුවෙන් කොළොන්නාව ඇතුළු ප්‍රදේශවල ජනතාව මුහුණ පා ඇති තත්ත්වය සොයා බැලීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඊයේ (මැයි 3) පස්වරුවේ එම ප්‍රදේශයේ නිරීක්ෂණ චාරිකාවක නිරත වී තිබිණි.

එම නිරීක්ෂණ චාරිකාවේදී ප්‍රදේශයේ ජනතාව ඉදිරිපත් කරන ලද කරුණු සැලකිල්ලට ගෙන ජනාධිපතිවරයා විසින් අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කරනු ලැබූ යෝජනා කිහිපයකට කැබිනට් අනුමැතිය හිමි විය.

එම යෝජනා පහතින් දැක්වේ.

  • ගංවතුර හේතුවෙන් බලපෑමට ලක්ව ඇති කොළොන්නාව ප්‍රදේශයේ ජනතාවට මෙන් ම රටේ අනෙකුත් ප්‍රදේශවල බලපෑමට ලක්ව ඇති ජනතාවට ආහාරපාන සැපයීම සහ අනෙකුත් අත්‍යවශ්‍ය සේවාවන් සලසා දීම.
  • කොළොන්නාව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ගංවතුර තත්ත්වයන්ට හේතු වී ඇති අනවසර ඉදිකිරීම් වහා ම ඉවත් කිරීම, ඉඩම් ගොඩ කිරීමේ කටයුතු නැවැත්වීම සහ ප්‍රදේශයේ කාණු පද්ධතිය පිළිසකර කිරීම ඇතුළුව අනෙකුත් අදාළ පියවරයන් ගැනීම.
  • එම ප්‍රදේශයේ ගංවතුර තත්ත්වයන් ඇතිවීම සඳහා බලපා ඇති මූල හේතූන් හඳුනා ගෙන ඉදිරියේදී එවැනි තත්ත්වයන් නැවත ඇති නොවන පරිදි ගත යුතු ක්‍රියාමාර්ග නිර්දේශ කිරීමට සහ කොළොන්නාව ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයේ පවතින ඉඩම් උපරිම ඵලදායී ලෙස ප්‍රයෝජනයට ගනිමින් කොළොන්නාව නගරය නැවත සැලසුම් කිරීම සඳහා සවිස්තරාත්මක සංවර්ධන සැලැස්මක් සකස් කිරීම සඳහා කොළඹ දිස්ත්‍රික් ලේකම්ගේ ප්‍රධානත්වයෙන් සහ අදාළ අනෙකුත් ආයතනවල නියෝජනයන්ගෙන් යුත් කමිටුවක් පත් කිරීම.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *