උ/පෙළ ප්‍රතිඵල මේ මස අග

0

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල මේ මස අවසන් සතියේ නිකුත් කරන බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා ⁣ඊයේ (02) පැවසීය. මෙම විභාගයේ උත්තර පත්‍ර පරීක්ෂා කිරීම සියයට 95කින් පමණ මේ වන විට අවසන් බවත් පරිගණක පද්ධතියට දත්ත ඇතුළත් කිරීම ඇතුළු කාර්යන් සිදු කරන බවත් ඒ මහතා පැවසුවේය.

උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීම හැකි ඉක්මනින් සිදු කරන බව ද ඒ මහතා ප්‍රකාශ කළේය. පසුගිය ජනවාරි 04 වැනිදා උසස් පෙළ විභාගය ආරම්භ කළ අතර විෂයන් 65කින් මෙම විභාගය සමන්විත වේ. සාමාන්‍යයෙන් ප්‍රතිඵල නිකුත් කිරීමට මාස 04ක් පමණ ගතවුවත් හැකි ඉක්මනින් ප්‍රතිඵල නිකුත් කිරීමට සැලසුම් කරන බව ද ජයසුන්දර මහතා පැවසුවේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *