පළාත් කිහිපයක උණුසුම වැඩි වෙයි

0

උතුරු, උතුරු-මැද පළාත්වලත් මඩකළපුව, ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් අද(03) දිනයේ ඇතැම් ස්ථානවල මිනිස් සිරුරට දැනෙන උණුසුම වැඩි අවධානයක් යොමු කළ යුතු මට්ටමක පවතී යැයි අපේක්ෂා කරන බව කලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අවවාදාත්මක නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී. එමෙන්ම බස්නාහිර, සබරගමුව, දකුණ, වයඹ පළාත්වලත් අම්පාර සහ මොණරාගල දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මිනිස් සිරුරට දැනෙන උණුසුම අද(03) දිනයේ අවධානය යොමු කළ යුතු මට්ටමක පවතින බවත් එහි වැඩිදුරටත් සඳහන් වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *