කැනඩාව, ඉන්දියාව සම්බන්ධයෙන් සිදු කර ඇත්තේ ද ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් සිදු කළ දේට සමාන ක්‍රියාවක්

0

ත්‍රස්තවාදීන්ගේ ආරක්ෂිත තෝතැන්නක් ලෙස කැනඩාව යොදාගෙන තිබෙන බව විදේශ කටයුතු ඇමැති එම්.යූ.එම්. අලි සබ්රි මහතා ඉන්දියාවේ රූපවාහිනි නාළිකාවක් සමඟ පැවැති සම්මුඛ සාකච්ඡාවකට එක් වෙමින් ප්‍රකාශ කළේය.

ඉන්දු – කැනඩා රාජ්‍යතාන්ත්‍රික අර්බුදය සම්බන්ධයෙන් මෙම සම්මුඛ සාකච්ඡාව පැවැත්විණි.

කැනේඩියානු අගමැති ජස්ටින් ටෲඩෝ විසින් කිසිදු සාක්ෂියක් නැතිව සාහසික චෝදනා ඉදිරිපත් කර ඇති බව මෙහිදී පැවසූ විදේශ ඇමැතිවරයා එබැවින් ඉන්දියාව පදනම් කර ගනිමින් කැනේඩියානු අගමැතිවරයාගේ ප්‍රකාශය සම්බන්ධයෙන් තමන් පුදුමයට පත් නොවන බව ද සඳහන් කළේය.

කැනඩාව, ඉන්දියාව සම්බන්ධයෙන් සිදු කර ඇත්තේ ද ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් සිදු කළ දේට සමාන ක්‍රියාවක් බව පෙන්වා දෙන විදේශ කටයුතු ඇමැති අලි සබ්රි මහතා ශ්‍රී ලංකාව තුළ ජන සංහාරයක් සිදු වූ බවට කැනේඩියානු අගමැතිවරයා සිදු කළ ප්‍රකාශය භයානක හා සම්පූර්ණ අසත්‍යයක් බව ද පෙන්වා දුන්නේය. ශ්‍රී ලංකාව තුළ ජන සංහාරයක් සිදුවී නැති බව බොහෝ දෙනා දන්නා කරුණක් බව ද ශ්‍රී ලංකා විදේශ කටයුතු ඇමැතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *