අධ්‍යාපනය අත්‍යවශ්‍ය සේවාවක් කර බාධක ජයගන්නවා. – විභාග කොමසාරිස් එච්.ජේ.එම්.සී. අමිත් ජයසුන්දර

මේ වසරේ සිසුන් කී දෙනෙක් උසස් පෙළ විභාගයට පෙනී හිටියද?

2022 වර්ෂයට අදාළ උසස් පෙළ විභාගයට අපේක්ෂකයන් 331709ක් ඉල්ලු‍‍ම් කරලා තිබුණා. මේ විභාගයට කීදෙනෙක් හරියටම පෙනී සිටියද කියල අපිට කියන්න පුළුවන් වෙන්නේ පසුව. සාමාන්‍යයෙන් මම විශ්වාස කරනවා තුන් ලක්ෂයක් පමණ විභාගයට පෙනී සිටින්න ඇති කියලා.

පිළිතුරු පත්‍ර ඇගයීමට අදාලව විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ කාර්යභාරය හා ‍ගුරුවරුන්ගේ කාර්යභාරය මොකක්ද?

විශ්වවිද්‍යාල ආචාර්යවරුන් සහ ගුරුවරුන් උත්තර පත්‍ර ඇගයීම සම්බන්ධ කාර්යයේ 99%ක් ඉටු කරනවා.

මේ කණ්ඩායම් දෙකම පසුගිය කාලයේදී මට දන්වා තිබුණා විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයෙන් ඒ අයගේ වෘත්තීය ගැටළු කිහිපයක් සම්බන්ධයෙන් විසඳුම් ලැබෙන තුරු පිළිතුරු පත්‍ර ඇගයීම් ඒ කාර්යයට සම්බන්ධ වන්නේ නැහැයි කියලා. හැබැයි මේ එක කාරණයක්වත් විභාග සම්බන්ධ කාරණා නෙවෙයි. ඒ අයගේ බදු නිදහස් කරගැනීමේ ප්‍රශ්න, සහ වෙනත් වෘත්තීය ප්‍රශ්න.

ඒ නිසා විශ්වවිද්‍යාල ආචාර්යවරුන් අපිට උත්තර පත්‍ර ඇගයීමේ කාර්යයට මෙතෙක් සම්බන්ධ කරගන්න නොහැකි වුණා. ඒ එක්කම ගුරුවරුන්ව අපි ගිය අවුරුද්දේ ඔක්තෝබර් 12 වනදා බඳවා ගැනීම සඳහා අයදුම්පත් කැඳවූවා. එහි අවසන් දිනය තිබුණේ ඔක්තෝබර් 21 වෙනිදා.
අපිට මෙම කාර්යයට ගුරුවරුන් 19,000ක් පමණ අවශ්‍යයි.

නමුත් අපිට මෑතක් වෙනකම්ම අයදුම්පත් ලැබිලා තිබුණේ 11,000 පමණයි. මට එපමණ අඩුවකින් මේ වැඬේ කරන්න බැහැ. අයදුම්පත් එවපු පමණින්ම මේ අයව උත්තර පත්තර ඇගැයීමට යොදාගන්න බැහැ.මොකද ඒකට සුදුසුකම් තියෙනවාද කියලා අපි බලන්න ඕන. ඒ ඒ විෂයයන් උගන්වන අයගේ දරුවන් එම විභාගයට පෙනී සිට තියෙනවද ඇතුළු දේවල් සොයලා බලලා තමයි අපිට තෝරා ගැනීම සිද්ධ කරන්න වෙන්නේ. එතනදිත් අයදුම්පත් එවලා තියන පිරිසගෙන් සෑහෙන්න පිරිසක් ඉවත් වෙනවා.

අපට ලැබී තිබුණු අයදුම්පත් සංඛ්‍යාව ඉතාමත් අඩු තත්වයකට පත් වෙලා තිබුණා. නමුත් මාධ්‍යවල සහ සමාජ මාධ්‍යයේ වාර්තා වන ආකාරයට මේ ගුරුවරුන් ගාස්තු වැඩිවීමක් සහ දෛනික දීමනාවක් ඉල්ලලා තිබුණා. එහෙම නොලැබුණොත් උත්තර පත්‍ර ඇගයීම සඳහා ඔවුන් සම්බන්ධ වන්නේ නැහැ කියලා තිබුණා.

මේ ගාස්තු ගෙවීම් සිදුවන්නේ කොහොමද?

මේ පරීක්ෂකවරුන්ට අපි ගෙවන ගාස්තු ක්‍රමයක් තියෙනවා. ඊට අමතරව අපි දෛනිකව ඔවුන්ට තවත් දීමනාවක් ගෙව්වා. ඒ පැමිණීම වෙනුවෙන් රුපියල් පන්සියයක්. නමුත් මෙවර එම ගණන රුපියල් රුපියල් 3000 දක්වා වැඩි කරන්න කියලා විවිධ වෘත්තීය සංගම්වලින් ඇමතිතුමා වෙත ඉල්ලීම් කරලා තිබුණා. අපි ඒ පිළිබඳව කැබිනට් පත්‍රිකාවක් සකස් කරලා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළා. ඒ රුපියල් 3000 දක්වා දීමනාව වැඩි කරන්න කියලා. කැබිනට් මණ්ඩලය ඒක අනුමත කරා හැබැයි තුන් දහසක් දක්වා වැඩි කරන්න නෙවෙයි. ඒකට මහා
භාණ්ඩාගාර ලේකම් සහ ආයතන අධ්‍යක්ෂ ජනරාල් සමඟ සමඟ සාකච්ඡා කරලා ගාස්තුවක් තීරණය කරන්න කියලා.

ඒ අනුව අපි මහා භාණ්ඩාගාර ලේකම් සහ ආයතන අධ්‍යක්ෂ ජනරාල් සමඟ දීර්ඝ වශයෙන් සාකච්ඡා කරලා රුපියල් 2000ක දෛනික දීමනාවකට එකඟ වෙන්න හැකියාව ලැබුණා. මම ඉහත කියපු උත්තර පත්‍ර බලන ප්‍රමාණයට අමතරව දෛනිකව ගෙවන ගාන රුපියල් 2000 දක්වා වැඩි කළා. ඉන් පසුව මම නැවතත් අයදුම්පත්‍ර කැඳවීම සිදු කළා. නමුත් ඊට පස්සෙත් අයදුම්පත්‍ර දෙදහසක් පමණ තමයි අපිට ලැබුනේ.

ඉන් පසුවත් ඇතැම් ගුරු සංගම් මේ ලැබුණු දීමනාවට අමතරව තවත් දීමනාවන් ලබා ගැනීමේ අරමුණින් අයදුම්පත්‍ර දැමීම වැළැක්වීමට උත්සාහ ගන්නා ආකාරයක් සමාජ මාධ්‍ය තුළ දකින්නට පුළුවන් වුණා. මීට අමතරව අර කලින් කියපු 2000ට වඩා තව මුදලක් වැඩි කරන්න කියලා ඉල්ලීම් තියෙනවා.

විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සංගම්වලින් ආවේ ගාස්තු ප්‍රශ්නයක් නෙවෙයි. ඒ ආවේ එයාලගේ වෙනත් වෘත්තිය ඉල්ලීම්. විශේෂයෙන්ම කියන්න ඕන විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ටත් ඒගොල්ලෝ ඉල්ලු‍‍වේ නැතත් ගුරුවරුන්ට දෛනික දීමනාව වැඩි කරපු වෙලාවේ විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ටත් ඒ ගැටලු‍‍ව එන නිසා එයාලගේ දෛනික ගාස්තුව වැඩි කළා.

මේ තත්ත්වය තුළ තමයි මේ කටයුතු ප්‍රමාද වුණේ. මෙතෙක් කාලයක් උසස් පෙළ ප්‍රශ්න පත්තර සකස් කළේ බහුතරයක් විශ්වවිද්‍යාල ආචාර්ය මණ්ඩලය. සාමාන්‍යයෙන් එක් විෂයක් ගත්තොතින් ඒ එක් මණ්ඩලයකට විශ්වවිද්‍යාල ආචාර්යවරුන් පස් දෙනකු හෝ හෝ හය දෙනෙකු ඇතුළත් වනවා. මේ කණ්ඩායමේ ඉන්නවා ප්‍රධානියෙක්. එයාට අපි කියනවා පාලක පරීක්ෂක කියලා. ඊට අමතරව තවත් කිහිප දෙනෙක් ඉන්නවා මෙතන විවිධ මාධ්‍යයන් විවිධ ක්ෂේත්‍රයන් නියෝජනය කරන අය.

එම මණ්ඩලයම තමයි ප්‍රශ්න පත්‍ර ඇගයීම් කටයුතු මෙහෙයවීමත් සිදු කරන්නේ.මම අර මුලින් කිව්ව වගේ ප්‍රශ්න පත්‍රවලට පිළිතුරු ලබාදීම අවසන් වූ දාට පසුදාම මේ ආචාර්යවරුන් කණ්ඩායම දෙපාර්තමේන්තුවට කැඳවීම සිද්ධ කරනවා. මීට අමතරව තවත් විශ්වවිද්‍යාල මහාචාර්යවරුන් සහ ජ්‍යේෂ්ඨ ගුරුවරුන් මේ සඳහා සහභාගී වනවා. ඔවුන් රැස් වෙලා දින තුනක පමණ කාලයක් ගෙන ලකුණු දීමේ පටිපාටිය සකස් කරනවා. මෙය විශාල කාර්යභාරයක්. මොකද සමස්ත ශිෂ්‍ය ප්‍රජාවට සාධාරණයක් වන ලෙස මෙම ලකුණු ලබාදීම සකස් කරන්න අවශ්‍යයි.

මෙතනදි අපි තවත් දෙයක් කරනවා. ඒ තමයි ලංකාව පුරා විභාග ශාලාවලින් පිළිතුරු පත්‍ර ගෙන්වාගෙන ඉන් සාම්පල් ලබාගෙන අපි ඒවා ඇගහීමට ලක් කරනවා කොහොමද පිළිතුරු ලබා දීලා තියෙන්නෙ කියලා. අපි එතනදි අවබෝධයක් ගන්නවා කොහොමද ළමයින් පිළිතුරු ලබා දීලා තියෙන්නෙ කියලා. ක්‍රියාවලියෙන් පස්සේ තමයි ලකුණු දීමේ පටිපාටිය සකස් කරන්නේ. මේක ඉතාමත් සංකීර්ණ ක්‍රියාවලියක්. ඒක නිසා තමයි අපිට මේ උත්තර පත්‍ර ඇදීමේ ක්‍රියාවලිය සඳහා වෙනත් කණ්ඩායමක් සහභාගී කර ගන්න බැරි. සකස් කරපු ලකුණු දීමේ පටිපාටිය නැවතත් විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගෙන් සමන්විත විශාල කණ්ඩායමක් ඉදිරියේ දිනයක් පුරාවට විවාදයට ගන්නවා. එතනදිත් නැවතත් මේ ලකුණු ලබා දීමේ පටිපාටියට වෙනස්කම් සිදුවෙනවා. ඉන්පසුව පිළිතුරු පත්‍ර ඇගයීමේ කටයුතු සිද්ධ වෙනවා. සාමාන්‍යයෙන් මෙහෙම සඳහා පත් කරන කණ්ඩායම මණ්ඩලක් ලෙස හඳුන්වනවා මේ මණ්ඩලය සඳහා ප්‍රධානියා වශයෙන් විශ්වවිද්‍යාල ආචාර්යවරයෙක් සහ ජ්‍යේෂ්ඨ ගුරුවරයෙකු සම්බන්ධ වනවා. මේ වගේ මණ්ඩල 1200ක් පමණ වැඩි ප්‍රමාණයක් අපිට අවශ්‍ය වෙනවා. මෙහිදී එක මණ්ඩලයක් සදහා 19දෙනෙකු පමණ සම්බන්ධ වනවා. ඔය ආකාරයට විශ්වවිද්‍යාල ආචාර්ය මණ්ඩලය සම්බන්ධ වෙන්නේ පාසල් ගුරුවරුන් මේ සඳහා පරීක්ෂකවරුන් ලෙස සම්බන්ධ වනවා.

තවමත් මේ ගැටළුව විසඳගෙන නැහැ?

දැන් ඇත්තටම මේ ප්‍රශ්නය ඇදගෙන යන්න බැහැ. ජනාධිපතිතුමා මේ සඳහා මැදිහත්වීම අපි පැහැදිලිවම අගය කරනවා. අපි බලාපොරොත්තු වුණා මේ තියන ගැටළු විසඳගෙන ඉදිරියට යන්න. ඉතින් දිගින් දිගටම මේ ගොල්ලෝ මේක ප්‍රතික්ෂේප කරනවා නම් අපිට බැහැ මේක තවදුරටත් බලාගෙන ඉන්න. මේ නිසා සමස්ත අධ්‍යාපන ක්‍රමයම විශාල අර්බුදයකට පත් වෙනවා. මේක මේ සාමාන්‍ය අය දකින ළමයිගෙ ප්‍රතිඵල පරක්කු වෙනවා කියන එකට වඩා එහා ගිය කටයුත්තක්.

විකල්පයක් ලෙස විශ්වවිද්‍යාල ආචාර්යවරුන් සම්පූර්ණයෙන්ම ඉවත් කොට ගුරුවරුට මේ කාර්යය කරන්න බැහැ. දැන් මම මුලින් කිව්වා වගේ මේ උත්තර පත්තර ලක්ෂ 35කට වඩා වැඩිය තිබෙනවා. මේවා මැෂින්වලින් බලන්න බැහැ. මේ ක්‍රියාවලිය අවදානයෙන් අධීක්ෂණය කරමින් කළ යුතුයි. විවිධ අය විවිධ අදහස් පළ කරනවා මේ සඳහා නවක උපාධිධාරීන් සඳහා යොදවා ගත හැකිද යන්න පිළිබඳව නමුත් එසේ කළ නොහැකියි උත්තර පත්‍ර බැලීම ඉතා සංකීර්ණ කාරණයක් නිසා.

නමුත් මේ ක්‍රියාවලිය ආරම්භයේදීම සියලු‍‍ දෙනා සම්බන්ධ කර ගැනීමට නොහැකි නමුත් මා හට ඉදිරියේ දී මේ සියලු‍‍ දෙනා සම්බන්ධ කරගත හැකි බව මට කිව හැකියි. මෙහිදී විශ්‍රාම ගිය පරීක්ෂකවරු සම්බන්ධ කර ගැනීම සහ නවක පරීක්ෂකවරුන් සම්බන්ධ කර ගනිමින් මේ ක්‍රියාවලිය සාර්ථක කර ගැනීමට මට හැකිබව මා විශ්වාස කරනවා.

කෙසේ නමුත් ගුරුවරුන් හා විශ්වවිද්‍යාල ආචාර්යවරුන් ගෙන ඇති මේ වෘත්තිය ක්‍රියාමාර්ගය තුළ රටේ අධ්‍යාපනයේ ඉදිරි ගමන් මඟට අභියෝගයක් වී තියෙනවා.

පැහැදිලිවම මට පැවරී ඇති වගකීම අනුව එය වෘත්තීය අයිතීන් දිනා ගැනීම වෙනුවෙන් තවදුරටත් පාවා දිය නොහැකියි. දරුවන්ගේ අනාගතය යනු රටේ අනාගතය අධ්‍යාපනය අත්‍යවශ්‍ය සේවාවක් බවට පත්කර හෝ දුවා දරුවන්ගේ අනාගතය සුරක්ෂිත කිරීමට මා පියවර ගන්නවා.

මෙවැනි අර්බුදකාරී මොහොතක ජනාධිපතිවරයාගේ මේ මැදිහත්වීම මොන ආකාරයෙන් ද ඔබතුමාට දැනෙන්නේ?
ඇත්තටම රටේ නායකයා හැටියට ජනාධිපතිතුමාගේ මැදිහත්වීම ඉතාමත්ම අඟය කරනවා. මොකද එතුමා විශේෂයෙන්ම මෙකට මැදිහත්වීම දෙපාර්තමේන්තු ප්‍රධානියෙක් විදියට මටත් විශාල ශක්තියක්