තව පෝය තුන­කින් ජන­පති වෙන්න සිහින දකින අනු­රට ගුරු­ව­රුන් පාරට නොබ­ස්සවා  පඩි වැඩි කිරීමට  තිබූ බව

ඇමැති මනූෂ නානා­ය­ක්කාර පවසයි

මනූෂ නානා­ය­ක්කාර මහතා මේ බව පැවැ­සුවේ පෙරේදා (29) මඩ­ක­ල­පු­වේදී පැවැති මාධ්‍ය වැඩ­මු­ළු­ව­කට සහ­භාගි වෙමිනි.

එහිදී කම්කරු හා විදේශ රැකියා ඇමැති මනූෂ නානා­ය­ක­කාර මහතා ‘‘තව පෝය තුන­කින් අනුර කුමාර දිසා­නා­යක ජනා­ධි­පති වන්නේ නම් ගුරු­ව­රුන් පාරට නොබ­ස්සවා ගුරු වැටුප් වැඩි කිරී­මට ඔහුට හැකි බවත්, ජනතා විමුක්ති පෙර­මුණ මෙසේ කට­යුතු කරන්නේ ෆේස්බුක් සමාජ ජාලයේ මිස මහ පොළොවේ ජනා­ධි­පති වීමට අනුර කුමාර දිසා­නා­ය­කට කිසිදා නොහැකි වීම හේතු­වෙන් බවත්“ පැවැ­සීය.