IMF දෙවෙනි සමාලෝචනයට අනුමැතිය

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ශ්‍රී ලංකාවට හඳුන්වා දී ඇති විස්තීරණ ණය පහසුකමට අදාල වැඩසටහනේ දෙවැනි සමාලෝචනය සඳහා අනුමැතිය හිමි වී ඇත. ඊයේ (12) දින ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය විසින් මෙම අනුමැතිය ලබා දී ඇත.

ඒ අනුව මාස 48ක් සඳහා ක්‍රියාත්මක ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීරණ ණය පහසුකමට අදාලව ශ්‍රී ලංකාවට අනුමත කළ ඩොලර් බිලියන 2.9ක් වූ තෙවැනි වාරිකය මෙරටට හිමි වනු ඇත.

මෙම තෙවන වාරිකය වෙනුවෙන් ඩොලර් මිලියන 336ක් පමණ ශ්‍රී ලංකාවට නිකුත් කිරීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය අනුමැතිය දී තිබේ.

නිවේදනයක් නිකුත්කළ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පැවසුවේ තවදුරටත් මෙරට ආර්ථිකයේ ප්‍රතිසංස්කරණ සහ සුදුසු වෙනස් කිරීම් කිරීමට එමඟින් අවස්ථාව ලැබෙන බවය.