අති විශිෂ්ටතම ක්‍රීඩක ක්‍රීඩිකා  සම්මානයෙන් අරුණ සහ තරුෂි පිදුම් ලබයි.

මෙවර දින තුනක් මුළුල්ලේ හෝමාගම – දියගම පිහිටි මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ දී ක්‍රියාත්මක කෙරුණු 102 වැනි ජාතික ජ්‍යෙෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලියේ අති විශිෂ්ටතම මලල ක්‍රීඩකයා හෝ ක්‍රීඩිකාව වෙනුවෙන් පිදෙන “එන්. වෛරවනාදන් අභියෝග කුසලානය” හිමිකර ගැනීමට එස්. අරුණ දර්ශන සමත් විය.

තරගාවලියේ අති ශූරතම මලල ක්‍රීඩකයා ලෙස ද යුද හමුදාව නියෝජනය කළ අරුණ දර්ශන (මීටර් 400 – (තත්.45.51) සම්මාන ලැබීය.

 මෙහි දී ශ්‍රී ලංකා පාසල් සංගමය නියෝජනය කළ තරුෂී ඩිල්සාරා කරුණාරත්න (මීටර් 800 – මි. 2.04.22) අති ශූරතම ක්‍රීඩකාව ලෙස තිළිණ ලැබුවාය.