සිඟාකෑමට  නීතියෙන් වැට බැ‍‍ෙඳයි

1941 අංක හතර පාදඩ ආඥා පනතේ තුන හතර වගන්ති මත සහ දණ්ඩ නීති සංග්‍රහයේ 288 වගන්තිය යටතේ සිඟා කෑම තහනම් ක්‍රියාවකි.  එබැවින් යාචක සංගම් බිහිකිරීමට කිසිසේත් ඉඩක් නොමැති බව නීතිඥ වෛද්‍ය පාලිත බණ්ඩාර සුභසිංහ මහතා පවසයි.

ඔහු  මේ බව ප්‍රකාශ කළේ පස්වරුවේ නගරික කොමසාරිස් ඉන්දිකා අබේසිංහ මහත්මිය විසින් පෙරහර කමිටු රැස්වීමේදී මහනුවර යාචක සංගමයක් ඇති බවට කළ ප්‍රකාශය සම්බන්ධයෙන් අදහස් දක්වමිනි.