පොලිසියේ යකා නැටූ ඒ.එස්.පී ගෙන් පැය 7 ක් ප්‍රශ්න කරයි..!

0

පොලිස්  නිලධාරීන්ගේ මෙන්ම නිළ ඇඳුමේ ගෞරවය ද  කෙලෙසන ආකාරයෙන් පිලියන්දල පොලිසිය වෙත පැමිණි  සියලුම තරාතිරමේ  නිලධාරීන් ට බැන වැදීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වූ සහකාර පොලිස් අධිකාරීවරයා පොලිස් මූලස්ථානයේ විශේෂ විමර්ශන ඒකකය වෙත අද (6) කැඳවා පැය 7 කට අධික කාලයක් ප්‍රකාශ ලබා  ගත් බව  පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි

අද පෙරවරු 9.30 සිට පස්වරු 4.00 දක්වා  සහකාර පොලිස් අධිකාරී වරයා ගෙන් ප්‍රකාශ ලබාගෙන සටහන් කරගෙන තිබිණි


 ඇසළ පොහෝ දින පිලියන්දල පොලිසිය වෙත පැමිණ තිබූ සහකාර පොලිස් අධිකාරීවරයා ඔහු දන්නා හඳුනන කාන්තාවන්  කරන ලද පැමිණිල්ලක් කඩිනමින් විභාග නොකලැයි   ආවේගශීලීව එම අවස්ථාවේ රාජකාරි යෙදී සිටි පොලිස් නිලධාරීන්ට  බැන වැදී  පොලිස් භූමිය තුළ ඒ මේ අත ඇවිදිමින් පැයකට අධික කාලයක් ගත කර තිබිණි

ව්‍යාපාරික කටයුත්තක දී ඇති වූ මුදල් ආරවුලක් සම්බන්ධයෙන්  සහකාර පොලිස් අධිකාරීවරයාගේ සමග පැමිණි කාන්තාව ඉකුත් 2 වෙනි දින  පොලිසිය වෙත පැමිණිල්ලක් සිදුකර තිබූ අතර   ඊට සම්බන්ධ වගඋත්තරකාර පාර්ශ්වය පැය විසිහතරක් යාමට මත්තෙන් පොලිසිය වෙත කැඳවා කඩිනමින්  විභාග නොකළ බවට සහකාර පොලිස් අධිකාරීවරයා එහි සිටි පොලිස් නිලධාරීන්ට ඉතාමත් පහත් ආකාරයෙන්මෙන්ම උසස් පොලිස් නිලධාරියෙකුට සුදුසු නොවන ආකාරයෙන්   බැන වදිමින්  ආවේගශීලීව හැසිරී තිබිණි 

පොලිස් දෙපාර්තමේන්තුවේ ගෞරවය මෙන්ම පොලිස් නිළධාරීන්ගේ නිල ඇඳුමේ ගෞරවයටද හානිදායක ලෙස විවිධ ප්‍රකාශ නිකුත් කරමින්  සහකාර පොලිස් අධිකාරීවරයා ගේම හැසිරීම සම්බන්ධයෙන්   විවිධ අවශ්‍යතා සඳහා එම අවස්ථාවේදී පොලීසියට පැමිණ සිටි විශාල ජනතාවක් මෙන්ම මාර්ගයේ ගමන් ගත් ජනතාවද දැඩි පිළිකුලෙන් හෙළා දකින්නට වූ බව පොලිස් ආරංචි මාර්ග පවසයි. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *