අද මැතිසබයේදී ජනපතිවරණ දිනය ගැන විවාදයක්

අද (11) දින මීළඟ ජනාධිපතිවරණය පැවැත්විය යුතු නිසි කාලය සම්බන්ධයෙන් විවාදයක් පැවැත්වීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී තීරණය වී ඇත.

ඒ අනුව කල් තැබීමේ එක් දින විවාදයක් ලෙස මෙම විවාදය පැවැත්වෙන බව පාර්ලිමේන්තුවේ මහ ලේකම් කුෂානි රෝහණධීර මහත්මිය පැවසීය.