අස්වැසුම නව නිර්ණායක ලැබෙන තුරු දීමනා අඛණ්ඩව

0

නව නිර්ණායකයන් හඳුන්වාදෙන තුරු දැනට සිදුකරන වකුගඩු දීමනා, ආබාධිත දීමනා සහ වැඩිහිටි දීමනා ප්‍රතිලාභ අඛණ්ඩව සිදුකිරීමට රජය තීරණය කර ඇත.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් මත මෙම පියවර ගත් බව මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා සදහන් කළේ ය.

කෙසේ වෙතත් සංක්‍රාන්තික, අවදානමට ලක් වූ, දිළිදු හා අන්ත දිළිදු යන සමාජ කාණ්ඩ 04 යටතේ අස්වැසුම සුබසාධක ප්‍රතිලාභ ගෙවීම් සිදුකිරීමේ කිසිදු වෙනසක් නොමැති බව ද රාජ්‍ය අමාත්‍යවරයා අවධාරණය කර ඇත.

මේ වන විට අස්වැසුම සුබ සාධක ප්‍රතිලාභ අභියාචනා 760,000ක් පමණ ලැබී ඇති බව වාර්තා වෙයි.

එමෙන්ම විරෝධතා 10,000ක් ද ලැබී ඇති බව ද රාජ්‍ය අමාත්‍යවරයා පවසයි.

අස්වැසුම ප්‍රතිලාභ වැඩසටහන සඳහා ලියාපදිංචිවීමට නො හැකි වූවන්ට මෙන්ම අලුතින් සම්බන්ධවීමට අදහස් කරන අයට වාර්ෂික ව අවස්ථාවක් සැලසීමට ද රජය තීරණය කර තිබෙන බවත් ඒ අනුව අගෝස්තු මාසයේ දී මේ සඳහා යළිත් අවස්ථාව ලබාදෙන බවත් රාජ්‍ය අමාත්‍යවරයා අවධාරණය කර ඇත.

රජයේ උත්සාහය වඩාත්ම අවශ්‍යතා සහිත පුද්ගලයන් ඉලක්ක කර සම්පත් සාධාරණ ලෙස බෙදාහැරීම සහ තිරසාර බව සහතික කිරීම බව ද මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා වැඩිදුරටත් පවසා සිටියි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *