අස්වැසුම ප්‍රතිලාභීන්ට දැනුම් දීමක්

0

අස්වැසුම ප්‍රතිලාභීන්ගේ ගිණුම් තහවුරු කරගත් පුද්ගලයින් 113,713ක් සඳහා ජූලි මාසයට අදාළ රුපියල් මිලියන 709.5ක මුදල මේ වන විට බැංකු වෙත බැර කර ඇතැයි මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ පවසයි.

සිය එක්ස් (මීට පෙර ට්විටර්) ගිණුමේ සටහනක් තබමින් ඔහු මේ බව සඳහන් කර තිබේ.

ඒ අනුව බැංකු මගින් ප්‍රතිලාභීන්ට එම මුදල් බැර කිරීමට කටයුතු කරමින් සිටින බව ඔහු සඳහන් කර ඇත.

ප්‍රතිලාභි පවුල් 1,162,245කට අදාළ රු. මි. 7,278ක මුදලක් ජූලි මාසයට අදාළව මේ වන විටත් ගෙවා අවසන් කර ඇතැයි ද අමාත්‍යවරයා සඳහන් කර තිබේ.

තව ද අභියාචනා හා විරෝධතා සම්බන්ධ සමීක්ෂණ කටයුතු අවසන් වූ පසු සියලු ප්‍රතිලාභීන්ට ගෙවීම් සිදු කරන බව අමාත්‍යවරයා වැඩිදුරටත් සිය එක්ස් පණිවිඩයේ සඳහන් කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *