2021 වර්ශයට අදාල විද්‍යා පීඨ බඳවා ගැනීමේ ගැසට් පත්‍රයේ සංශෝධනයක්

0

2021 විද්‍යා පීඨ කණ්ඩායම් බඳවා ගැනීමට නිකුත් කර ඇති ගැසට් පත්‍රයේ සංශෝධනයක් සිදු කළ යුතු බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත පවසයි.

ඔහු මේ බව සඳහන් කළේ, අද (20) පාර්ලිමේන්තුවේදී ය.

”2019 /2020 වර්ෂයේ 7,400ක් මේ වන විට වෙබ් අඩවියේ සියලු ම නාම ලේඛන දැනුම් දීලා තියෙනවා. විද්‍යා පීඨ 19 සඳහා ඒ අයව ලියාපදිංචි කරලා තියෙනවා. දෙවන වසරේ අයගේ විභාගය අවසන් වෙලා දැන් උත්තර පත්‍ර සමීක්ෂණ යනවා. ඒක අවසන් වෙච්ච වහා ම ඔක්තෝබර් මාසයේ මුල වෙන කොට මේ සියලු දෙනා පීඨ 19ට ඇතුළත් කර ගැනීම සඳහා සියලු කටයුතු සකස් කරලා තියෙනවා. ගුරු අධ්‍යාපනඥ සේවයේ කණ්ඩායම් දෙකක් ඉන්නවා. ඒ දෙකක් සමග ලේකම්තුමා සාකච්ඡා කරලා ප්‍රතිපත්තිමය තීන්දුවකට ඇවිත් තියෙනවා. ඊළඟ ප්‍රශ්නේ තමා 2021 කණ්ඩායම ගැසට් එක නිකුත් කරන්න දැන් කටයුතු කරගෙන යනවා. කලින් නිකුත් කළ ගැසට්වල අවුරුදු 3ක් කලින් තිබුණ දත්ත මත තමා බඳවා ගැනීම් කළේ විෂයයන් වර්ග අනුව. ඒක නිවැරදි නෑ. ඒ නිසා ගැසට් නිවේදනයේ යම් වෙනස්කමක් කරන්න තියෙනවා. ඒක සංශෝධනය කරගෙන යනවා. ඊළඟ සති දෙක තුළ ගැසට් නිවේදනය නිකුත් වෙනවා”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *