අත්‍යවශ්‍ය භාණ්ඩ 6 ක මිල තවදුරටත් අඩු කිරීමට පියවර

0

අත්‍යවශ්‍ය භාණ්ඩ 6 ක මිල තවදුරටත් අඩු කිරීමට පියවර ගත් බවත් නව මිල අද (20) සිට ක්‍රියාත්මක වන බව ලංකා සතොස පැවසයි.
සෝයාමීට් කිලෝවක මිල රුපියල් 45 කින්, අර්තාපල් කිලෝවක මිල රුපියල් 40 කින් , හාල්මැස්සො කිලෝවක් රුපියල් 30 කින්, සුදු ලූනු කිලෝවක් රුපියල් 25 කින්, ලොකු ළූණු කිලෝවක් රුපියල් 15 කින් සහ රතු පරිප්පු කිලෝවක් රුපියල් 6 කින් අඩු කළ බව සඳහන් කරයි.
ඒ අනුව සෝයාමීට් කිලෝවක නව මිල රුපියල් 580 ක් ද, අර්තාපල් කිලෝවක නව මිල රුපියල් 290 ක් ද, හාල්මැස්සො කිලෝවක නව මිල රුපියල් 1,100 ක් ද, ලූනු ලූණු කිලෝවක නව මිල රුපියල් 620 ක් ද, ලොකු ළූණු කිලෝවක නව මිල රුපියල් 195 ක් ද, රතු පරිප්පු කිලෝවක නව මිල රුපියල් 299 ක් ද,  බව සතොස වැඩි දුරටත් සඳහන් කරයි. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *