දුම්රිය දෙපාර්තමේන්තුව නව මානයකට රැගෙන යෑමට එච්.එම්.කේ.ඩබ්.බණ්ඩාර මහතා සුවිශේෂ කාර්යභාරයක් ඉටු කළා- ආචාර්ය බන්දුල ගුණවර්ධන.

ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව පෞද්ගලීකරණය සඳහා ඇතැමුන් යෝජනා ඉදිරිපත් කළ නමුත් දුම්රිය සාමාන්‍යාධිකාරී එච්.එම්.කේ.ඩබ්. බණ්ඩාර මහතා එම දෙපාර්තමේන්තුව නව මානයකට රැගෙන යෑමට සුවිශේෂ කාර්යභාරයක් ඉටු කර තිබෙන බව ප්‍රවාහන හා මහාමාර්ග සහ ජනමාධ්‍ය ඇමැති, ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ පැවසීය.

 ඔහු මේ බව ප්‍රකාශ කළේ බොරැල්ල ඒ.එෆ්. රේමන්ඩ් මල්ශාලාවේදී ඊයේ (25) පස්වරුවේ පැවති හිටපු දුම්රිය සාමාන්‍යාධිකාරි, ඉංජිනේරු එච්.එම්.කේ.ඩබ්. බණ්ඩාර මහතාගේ අවමඟුල් සභාව අමතමිනි.