තරුණ සංවර්ධන කාර්යයන් සඳහා අතිරේක ප්‍රතිපාදන ලබා ගැනීම සඳහාා  කැබිනට් අනුමැතිය හිමිවේ

ජාතික තරුණ සේවා සභාව ඔස්සේ ක්‍රියාත්මක කරනු ලබන තරුණ සංවර්ධන කාර්යයන් සඳහා අතිරේක ප්‍රතිපාදන ලබා ගැනීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.

එකී වැඩසටහන් පැවැත්වීමට ද , ඒ සඳහා  අවශ්‍ය ප්‍රතිපාදන ජාතික තරුණ සේවා සභාව වෙත සලසා දීමටද ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය  හරීන් ප්‍රනාන්දු මහතා   යෝජනාවක් ඉදිරිපත් කර ඇත.

යෞවනයන් අතර ඔරොත්තු දීමේ හැකියාව, ආත්ම අභිමානය හා අරමුණු පිළිබඳ හැඟීමක් ඇති කිරීම සහ ජීවිතයේ අභියෝගවලට සාර්ථකව මුහුණ දීමට හා  අවස්ථාවන්ගෙන් උපරිම ප්‍රයෝජන ගැනීමට අවශ්‍ය කුසලතාවන්ගෙන් ඔවුන් සන්නද්ධ කිරීම අරමුණු කර ගනිමින් වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට තරුණ සේවා සභාව තීරණය කර තිබේ.