මෙරට අක්ෂි කාච‍ හිඟයක් නෑ …

0

අක්ෂි සැත්කම් සඳහා කාචවල හිඟයක් නැති බව ජාතික අක්ෂි රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය චින්තක බටවල මහතා පැවසීය.

රුපියල් කෝටි 5ක වටිනාකමකින් යුක්ත අක්ෂි කාච 5000ක පරිත්‍යාගයක් බ්‍රිතාන්‍යයෙන් ලැබුණු බවත් කාච නැතිකම හේතුවෙන් අක්ෂි සැත්කම් කිසිදු දිනක නතර නොකළ බවත් ඒ මහතා පැවසුවේය. ලෝක දෘෂ්ටි දිනය නිමිත්තෙන් ජාතික අක්ෂි රෝහලේ පැවැති මාධ්‍ය හමුවට සහභාගි වෙමින් ඒ මහතා මේ බව ඊයේ (12) ප්‍රකාශ කළේය. “රැකියා ස්ථානයේදී අක්ෂි අනතුරු අවම කර ගැනීම“ මෙවර ජාතික දෘෂ්ටි දිනයේ තේමාව වේ.

සාමාන්‍යයෙන් මසකට අක්ෂි කාච සැත්කම් 900ක් පමණ සිදු කරන බව ද ඒ මහතා පැවසීය.

බ්‍රිතාන්‍යයෙන් ලැබුණු අක්ෂි කාච පරිත්‍යාගය සෞඛ්‍ය අමාත්‍යාංශයට භාර දුන් අතර අවශ්‍ය අවස්ථාවලදී සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් පරිත්‍යාග ලෙස ලැබුණු මෙම කාච සැත්කම්වලට යොදා ගන්නා බව ද හෙතෙම කීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *