අජිත් ප්‍රසන්නට බරපතළ වැඩ සහිත සිරදඬුවම්

විශ්‍රාමික යුද හමුදා මේජර්, නීතිඥ අජිත් ප්‍රසන්ත මහතාට අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට වරද පිළිගත් පසු අභියාචනාධිකරණය විසින් අද (08) මාස 06ක බරපතළ වැඩ සහිත සිරදඬුවම් නියම කර තිබේ.

එම සිරදඬුවම අජිත් ප්‍රසන්න මහතා දැනට ගෙවමින් සිටින වසර 04ක සිරදඬුවම් කාලය අවසන්වීමෙන් පසුව ක්‍රියාත්මක වන බවත් තීන්දුවේ සඳහන් ව ඇත.

අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ ඒ. මරික්කාර් යන විනිසුරු මඩුල්ල විසින් මෙම තීන්දුව ලබාදුනි.