පරිසර අන්තවාදයට යටවුණු පණු කරඳ ගහේ කතාව

0

යුද්ධය ජය ගැනීමෙන් පසුව දුටුගැමුණු රජුගේ අවශ්‍යතාවය වූයේ අනුරාධපුරයේ දැවැන්තම දාගැබ ඉදි කිරීමටයි. ඒ සදහා විශාල භූමි ප්‍රදේශයක් සලකුණු කොට ඉදිකිරීම ආරම්භ කළේය. එහෙත් සලකුණු කළ භූමියේ වූ රන් තෙළෙඹු ගසක් ඉවත් කිරීමට සිදුවීම පිළිබද අපූරු කතාවක් ජනවහරේ පවතී.

දාගැබ් ඉදිකිරීමට සලකුණු භූමියේ වූ රන් තෙළඹු ගස වාසස්ථානය කරගෙන සිටි ස්වර්ණමාලී නම් වෘක්ෂ දේවතාවිය මෙම ගස කැපීමට රජුට ඉඩ නොදීමට තීරණය කිරීම නිසා මත ගැටුමක් ඇති විය. රජු තමන් දාගැබ ඉදිකරණුයේ මුළු මහත් ලෝකයාගේ වන්දනාව සඳහා මෙන්ම මෙය සදා පින් වැඩෙන පින්කමක් බැවින් වෘක්ෂය ඉවත් කිරීමට ඉඩ ලබා දෙන ලෙස දේවතාවියගෙන් ඉල්ලා සිටියේය. එම අවස්ථාවේ ස්වර්ණමාලී දෙව`ගන තම නාමය මෙම ඉදිකරන චෛත්‍යයට තබන්නේ නම් ඉන් ඉවත් වන බවට වන කොන්දේසියට එකඟ නම් වෘක්ෂයෙන් ඉවත්වන බව පැවැසීය. ඒ අනුව රජු එයට එකඟ විය. එළෙස කිසිදු පාර්ශ්වයක් අන්තවාදී ස්ථාවරයකට නොයා ගැටුම නිරාකරණය කරගැනීමට දෙපාර්ශ්වය සමත් නොවන්නට ස්වර්ණමාලී චෛත්‍යය ඉදිනොවන්නට ඉඩ තිබි‚.

´නෑම දෙයක් ´නෑවට වඩා වුවමණා නැතැයි යනුවෙන් කියමනක් තිබේ. ඒ කියන්නේ අන්තවාදී වීම නොවිය යුතු බවය. මිනිස් සමාජයේ ඇතැම් ක්‍රියාකාරම් විටින් විට අර්බුදයන් මතුකරන විට ඊට විසඳුම් යෝජනා වන විට ඒවා අන්තවාදී නොවී විසඳාගැනීම සිය¨‍ පාර්ශ්වයන්ට සාධාරණ මැදිහත් වීමකට ඉඩ ලබා දෙන්නකි. අන්තවාදීවීම අනවශ්‍ය ගැටුම් ඇති කරන්නකි. සාධාරණ විසඳුමකට අවස්ථාව නැති කරන්නකි.

පසුගිය කාලයේ මධ්‍යම අධිවේගී මාර්ගය ඉදිකිරීමේදී ගම්පහ, දාරළුව නම් ගම හරහා මාර්ගය ඉදිකිරීමට සලකුණු කළ භූමි සීමාව තුළ —පණු කරඳ˜ නම් ව`දවීමේ තර්ජනයට ලක්ව ඇති බව කියවුණු ශාඛයක් පැවතීම හේතුවෙන් මෑතක් වන තුරු එම අධිවේගී මාර්ගයෙහි ඉදිකිරීම් අවසන් කිරීමට නොහැකි විය. එම අර්බුදය සාධාරණ ප්‍රවේශයකින් විසඳා ගැනීමේ හැකියාව තිබුණද පරිසර අන්තවාදය ඊට අවස්ථාව ලබාදුන්නේ නැත. ඒ හරහා පටු දේශපාලනික වුවමණාවන් සපුරා ගැනීමට ගත් උත්සාහයක්ද දකින්නට ලැබි‚. නමුත් එම දේශපාලනික වුවමණාව පරාජය කිරීමට පැවැති දේශපාලන අධිකාරියද අසමත් විය. අවසානයේ වූයේ මෙම භෞතික සංවර්ධන කටයුත්ත අනවශ්‍ය ලෙස ප්‍රමාද වීමය.

මධ්‍යම අධිවේගී මාර්ගය ඉදිකිරීම් භූමියෙහි මෙවැනි ශාඛයක් ඇති බවට ප්‍රචාරණය ගෙනගියේ එය රතු දත්ත පොතෙහි ව`දවීමේ තර්ජනයට මුහුණ දෙන ශාඛයක් බවත්, එසේම එවැනි කුලයේ ලංකාවෙහි ඇති එකම ශාඛය එය බවද දක්වාලමිනි. එම කරුණු නිවැරදි නම් එම ක්‍රියාමාර්ගයෙහි වරදක් නැත. විශේෂයෙන්ම මේ වෙනුවෙන් මැදිහත් වූ වන සංරක්ෂණ නිලධාරිනියක වූ දේවානි ජයතිලක සිය රාජකාරී මට්ටමෙන් ඊට මැදිහත් වීමත් විශිෂ්ටය.

එහෙත් වරදක් සිදුව තිබි‚. ඒ මෙම ශාඛය ගැන ඒ වන විට මතුව තිබු කරුණ නිවැරදි නොවීමය. යම් ක්‍රියාකාරිත්වයකට එරෙහිව කවර හෝ පාර්ශ්වයක් විරෝධයක් මතු කරන විට එය කුමන පදනමක් මත කවර හේතුවකට වනවාද අගක් මුලක් නොදැන විරෝධය සමඟ සිටගන්නා පිරිස් මෙම විරෝධය වටා ගොනු විය. එසේම පරිසරවේදීන්, පරිසර හිතකාමීන් යැයි කියාගන්නා විශාල පිරිසක්ද එකතු විය. මෙය රජයේ ව්‍යාපෘතියක් වීම මත විපක්ෂ කොටස් ද බුරුතු පිටින් ඊට එකතු විය. මීටම සරලන පරිදි මෙවැනි සිදුවීම් පසු පස ¨‍හුබැද යන මාධ්‍ය කණ්ඩායම් ද එකතු විය. නමුත් මේ කිසිවකුත් ඇත්ත ඇති සැටියෙන් නොදැක හො එය වසන් කරමින් මෙය මුළු‍මනින්ම පරිසර අන්තවාදයක් මත ගොඩ නගන දේශපාලන මෙහෙයුමක් බවට පත් කර ගන්නා ලදී.

පුළුන් රොදකට වූ ගින්න, ලැව් ගින්නක් මෙන් ප්‍රචාරය වී ගොස් හතර අතින් මධ්‍යම අධිවේගී මාර්ගයේ වූ පණු කරද ගහ ලොව ඇති දුර්ලබ ගණයේ වූ එකම ශාඛය බව දක්වමින් ගස වටා කදවුරු බැ`දගෙන එය රකින්නට අනේක විධ ක්‍රියාවලීන් දියත් කළේය. මෙවැනි සිදුවීම්වලදී තකට තක ලෙස පෑහෙන ජාතිවාදී පටු සීමාලබ්දිකයන් පිරිසක් එකතුව මේ ගස මහණ කිරීමට කටයුතු කළේ සිවුරු වෙළා දැමූ පසු ශාඛයකට පූජ්‍යත්වයක් ආරෝපණය කොට එය අපවත් කිරීම බෞද්ධයන් ලෙස මහා පාප කර්මයක් බවට දක්වමිනි. අජීවී සිවුරු දැරූ ශාඛයකින් මිනිස් වර්ගයාට හානියක් නොවන බව කෙසේ වෙතත් සිවුරු ලෑ ජීවී වස්තූන්ගෙන් මීට කිලෝ මීටර් කිහිපයකට මෑතින් වූ ස්ත්‍රී දූෂණයන් වාර්තා වූයේ අජීවී සිවුරු ලෑම්හි ඇති ඵලය කුමක්ද යන්න ලොවට කියා පාමිනි.

අධිවේගී මාර්ගය ඉදිකිරීම අඩපණ වීමෙන් ඒ වෙනුවෙන් වන වන්දි සමස්ත ජනතාවටම ගෙවන්න සිදු වන තැනට වැඩ කටයුතු සිදු විය. නමුත් අවසායේදී වත්මන් රජය ඊට ඉඩ නොතබා අවශ්‍ය ක්‍රියා මාර්ගය ගනු ලැබීය. මේ මොහාත වන විට එම පණු කරඳ ශාඛය එම ස්ථානයේ නැත. නමුත් ඒ සඳහා බොහෝ කාලයක් ගතවිය. ඒ කාලය තුළ මධ්‍යම අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් ප්‍රමාදවීම වෙනුවෙන් අදාල චීන සමාගමට රුපියල් බිලියන 5කට ආසන්න මුදලක් ගෙවීමට සිදුව තිබේ. ගස නිසා අධිවේගී මාර්ගයේ

මංතීරුව වෙනස් කිරීමකට සිදු වූයේ නම් රුපියල් බිලියන 15කට වඩා වැඩි මුදලක් අතිරේකව වියදම් වන බවට ද ඇස්තමේන්තු කර තිබි‚. නමුත් ගස ඉවත්කර ඇති තත්වයක් තුළ පෙර සැලසුම් කළ අයුරින් මාර්ගයේ ඉදිකිරීම කටයුතු සිදු කළ හැකිය. එහෙත් සිදුව ඇති ප්‍රමාදය වෙනුවෙන් චීන සමාගමට රුපියල් බිලියන 5ක මුදල ගෙවිය යුතුව ඇත. එය ගෙවන්නේ ගස් මහණ කළ අයද? නිසියාකාර සොයාබැලීම් නොකර මාධ්‍ය ඉදිරියේ වීරයන් වූ නිලධාරීන්ද? ස්තෝත්‍ර ලියූ නායකයින්ද? පරිසරවේදීන්ද? මේ කිසිවකු එයට ඉදිරිපත් වන්නේ නැත. එය ගෙවන්නට සිදුවන්නේත් මේ රටේ අහිංසක ජනතාවගේ බදු මුදලින්ය.

මේ සම්බන්ධයෙන් ප්‍රවාහන ඇමති බන්දුල ගුණවර්ධන පසුගියදා පුවත්පත් සාකච්ඡාවක් තබමින් මෙසේ සදහන් කළේය. —පණු කරඳ ගහ ගැන මම පූර්ණ වශයෙන් දැනුවත්. මධ්‍යම අධිවේගී මාර්ගය ඉතා විශාල ව්‍යාපෘතියක්. අවාසනාවකට පණු කරඳ ගහක් අරගෙන. මේක මෙතනින් ඉවත් කරන්න දෙන්නේ නැහැ. අවුරුදු එකසිය ගාණක් පරණයි කියාගෙන උද්ඝෝෂණ කරලා වෙනස් විදියේ සිතියම් ඇන්ඳා. මේ ගහ ඉතිරි කරලා ව්‍යාපෘතිය වෙනස් කළොත් රුපියල් බිලියන 15ක් පාඩු වෙනවා.

‍මේ ගැන මම අධ්‍යනයක් කළා. ඒ වාර්තා මට ලැබුණා. මේ ව්‍යාපෘතිය අවට අවුරුදු 40ට වඩා වැඩි ප~ු කරඳ ගස් 15ක් තිඛෙනවා. උස අඩි 12යි 15යි අතර ප~ු කරඳ ගස් 25ක් තිඛෙනවා. ´නේ නම් පෙන්වන්නම්. ‍මේ එක ගහ වෙනුවට ප~ු කරඳ ගස් 200ක් වගා කරන්න අවශ්‍ය වැඩපිළිවෙල සකස් කරලා තිඛෙනවා. මේ කරුණු ටික මම කැබිනට් මණ්ඩලයට දැනුම් දුන්නා. මේ ගස කැපීම සඳහා අනුමැතියක් ලබාදෙන්න කියලා. ගහ කපන්න අනුමැතිය දුන්නා. ඒ අනුව කැබිනට් අනුමැතියෙන් තමයි ගහ ඉවත් කරලා තියෙන්නේ. රජයේ ප්‍රතිපත්තිමය තීරණයක්˜‍

 2012 දී අවසන්වරට නිකුත් කරනු ලැබූ රතු දත්ත දර්ශකයට අනුව අ¨‍තින් මෙම දර්ශකයට ලංකාවෙන් ශාඛ හා සත්ව දර්ශක 64ක් ඇතුලත් කර තිබු අතර මෙරටින් වඳවී ගියා සේ සැලකූ

 ශාඛ වර්ග පහෙන් තුනක්ම සංරක්ෂිත බවට ප්‍රකාශ විය. මෙම ශාක වර්ග තුන අතරට නිලධාරීන්ගේ කරුණ ගවේශණයේ දුර්වලතාවය නිසා —‍පණු කරඳ˜‍ නැති නම් කෘෘඩියා සිලනිකා නම් වූ ශාඛයද ඇතුලත්ව ඇත. පේරාදෙණිය රාජකීය උද්භිද උද්‍යානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂිකා ආචාර්ය අචලා රත්නායක මහත්මිය

පසුගිය දිනක සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් කියා සිටියේ මේ වන විට ලංකාව තුළ මෙම වර්ගයට අයත් විශාල ප්‍රමාණයේ ශාඛ 7ක් සහ කුඩා ප්‍රමාණයේ ශාඛ 5ක් පමණ සොයාගෙන ඇති බවයි. ඊට අමතරව ඇති වූ විරෝධතා හේතුවෙන් මෙම ශාඛයේ අනාගත පැවැත්ම ස`දහා කුඩා පැළ 100කට ආසන්න ප්‍රමාණයක් බෝකර ඇති බවද සදහන් කළාය.

අන්තගාමීව ගැට¨‍ නිරාකරණය කරන්නට යෑමත්, එය දඩමීමා කරගෙන පටු වුවමණාවන් සපුරා ගන්නට ඇතැම් පාර්ශ්ව ගන්නා උත්සාහයත් නිසා මේ රටට සිදුව ඇති අහේනිය කෙතරම්ද යන්න අමුතුවෙන් කිය යුතු නැත. භෞතික සංවර්ධනය සහ පරිසරය අතර ගැටුම වැළැක්වීම පහසු නැත. එහෙත් ඊට ක්‍රමවේද අද ගොඩගගා තිබේ. තව දුරටත් ඒ වෙනුවෙන් ලෝකය වෙහෙසෙමින් තිබේ.

අද සංවර්ධනය යනුවෙන් අදහස් කරන්නේ මිනිසා ස්වභාව ධර්මය ජය ගැනීම˜ යන පටු තැනින් නොවේ. ස්වභාව දහම සමඟ එකඟ වන පුළුල් සංවර්ධන උපාය මාර්ගයන් වෙත ලෝකය හැඩ ගැසෙමින් පවති. ඒ අනුව සංවර්ධනය යන්නෙහි අරමුණ වන්නේ ජනයාගේ ජීවිතවල ගුණාත්මක භාවය ඉහළ නැංවීම සහ පාරිසරික සම්පත්වලට හානි නොකරමින් ප්‍රාදේශීය සහ කලාපීය ආදායම් සහ රැකියා අවස්ථා නිර්මාණය කිරීම හෝ පුළුල් කිරීම ය. එය හදිසි හෝ කලබලකාරී කටයුත්තක් නොවේ. සිදුවිය යුත්තේ ගුණාත්මක වෙනසකි. එසේම එම වෙනස අඛණ්ඩව පවත්වාගෙන යාමට අවශ්‍ය කොන්දේසි ද නිර්මාණය කරගත යුතු ය. නමුත් පරිසර අන්තවාදය සංවර්ධනයට බාධාවක් වනවා නම් එය පරාජය විය යුතුය.

චින්තක දිසානායක

Leave a Reply

Your email address will not be published. Required fields are marked *