රේගු අසනීපය සුවයි – බහාලුම් 5,000ක් සිරවෙයි

අසනීප නිවාඩු වාර්තා කරමින් රේගු වෘත්තීය සමිති සන්ධානය ඇරඹි වෘත්තීය ක්‍රියාමාර්ගය ඊයේ (04දා) සවස අත්හිටුවනු ලැබිණ.

එහිදී රේගු මාධ්‍ය ප්‍රකාශක, අතිරේක රේගු අධ්‍යක්‍ෂ ජනරාල් සීවලී අරුක්ගොඩ මහතා  මුදල් රාජ්‍ය ඇමැති රංජිත් සියඹලාපිටිය මහතා සහ රේගු ඒකාබද්ධ වෘත්තීය සමිති සම්මේලනය සමග පැවැති සාකච්ඡාවකින් පසු එම තීරණයට එළැඹි බවත්, ඒ අනුව රේගු කටයුතු සාමාන්‍ය පරිදි සිදුවන බවත් පැවැසීය.