ආපදා සහන ක්‍රියාමාර්ග ගැන සාකච්ඡාවක්

0

ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා කොළඹ පිහිටි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ (DMC) මෙහෙයුම් මැදිරියේ ඊයේ (05) නිරීක්ෂණ චාරිකාවක නිරත විය.

හදිසි අවස්ථා වලදී ගත හැකි සහන ක්‍රියාමාර්ග වැඩිදියුණු කිරීමේ ක්‍රම පිළිබඳව රාජ්‍ය අමාත්‍යවරයා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නිලධාරීන් සමඟ සාකච්ඡා කළේය.

එසේම අයහපත් කාලගුණයෙන් විපතට පත් ප්‍රජාවන්ට කඩිනම් සහන සැලසීමේ ක්‍රියාවලිය කඩිනම් කරන ලෙසද අමාත්‍ය තෙන්නකෝන් මහතා අදාළ නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

පවතින පහසුකම් ශක්තිමත් කරමින් ආපදා සහන කටයුතුවලට බලපාන දැනට පවතින ගැටලු විසඳීමට පියවර ගන්නා බවද ඔහු එහිදී පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *