මාවුස්සාකැලේ හා කාසල්රී ජලාශ පිටාර මට්ටමට ආසන්න වෙයි

0

මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශ වලට ඇද හැලෙන අධික වර්ෂාවත් සමග මාවුස්සාකැලේ හා කාලස්රී යන ජලාශවල ජල මට්ටම පිටාර මට්ටමට ආසන්න වෙමින් පවතින බව වාර්තා වෙයි

මාවුස්සාකැලේ ජලාශය හා කාසල්රී යන ජලාශ වල ජල මට්ටම පිටාර මට්ටමට පැමිණීමට අද (06)ව පෙ.ව.06.00 වන විට පිළිවෙලින් අඩි 07 ක් හා 10 ක් වශයෙන් පැවති බව එම ජලාශ භාර ඉංජිනේරුවෝ පවසයි.

ජාතික ජලවිදුලිබල පද්ධතියට අයත්, ලක්ෂපාන ජලවිදුලිබලාගාර සංකීර්ණයේ ලක්ෂපාන, නව ලක්ෂපාන, කැනියොන්, පොල්පිටිය, බ්‍රෝඩ්ලණ්ඩ් හා  විමලසුරේන්ද්‍ර යන විදුලිබලාගාර 06 සඳහා විදුලිය උත්පාදනයට  ප්‍රධාන වශයෙන් ජලය සැපයෙන්නේ මාවුස්සාකැලේ හා කාසල්රී යන ජලාශ දෙකෙනි.

About Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *