බසයක් මතට ගසක් කඩා වැටේ : පහක් මරුට

0

ලිබර්ටි වටරවුම අසලදී බසයක් මතට ගසක් කඩා වැටීමෙන් සිදු වූ අනතුරකින් බසයේ ගමන් ගත් පස් දෙනකු මියගිය බව කොළඹ ජාතික රෝහලේ ප්‍රකාශකයෙක් කීය. මියගිය සියලු දෙනා පිරිමි පුද්ගලයන් බව පොලිසිය කියයි. මතුගම ඩීපෝවට අයත් මෙම බසය දෙනියායේ සිට කොළඹට පැමිණ යළි දෙනියාය බලා ධාවනය වෙද්දි මෙම අනතුර සිදුව තිබේ. අනතුරුත් සමග පොලිසිය,යුද හමුදාව සහ ගලවා ගැනීමේ මෙහෙයුම් නිලධාරීන් එක්ව බසයේ සිරවී සිටි පිරිස මුදා ගෙන රෝහලට රැගෙන ගොස් ඇත. බසයට සහ ගසට සිරවිමෙන් තුවාල ලබා සිටි සිටි පිරිසෙන් පස් දෙනකු මෙසේ මියගොස් ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *