සියලු විෂය ධාරා ඩිජිටල්කරණය කරන බව අධ්‍යාපන ඇමැති පවසයි

0

 මෙරට ප්‍රමුඛ පාසල් 1,500ක් පමණ ජාලගත කිරීම ආරම්භ කර ඇති බවත් කෘත්‍රිම බුද්ධි විෂය ඉගැන්වීමේ නියමු ව්‍යාපෘතිය 2025 ජනවාරි වන විට පාසල්වලට මුදා හැරීම සිදු කරන බවත් අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

එමෙන් ම ජූලි මස අවසන් වන විට පාසල් සියල්ල ඒකරාශී කර සියලු විෂය ධාරා තොරතුරු ජාලගත කර ඩිජිටල්කරණය කරන බව අධ්‍යාපන ඇමැති ආචාර්ය සුසිල් ප්‍රේම්ජයන්ත පැවසීය.

පසුගියදා අවසන් වූ සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දුන් දරුවන් සඳහා උසස් පෙළ අධ්‍යයන කටයුතු ආරම්භ කිරීම වෙනුවෙන් කොළඹ නාලන්දා විද්‍යාලයේ ඉකුත් පැවති වැඩසටහනේ ප්‍රධාන ආරාධිතයා ලෙස එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සදහන් කරන ලදි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *