EPF – ETF ස්වාධීන මණ්ඩලයක් යටතට

0

සේවක අර්ථසාධක අරමුදලත් සේවක භාරකාර අරමුදලත් යන දෙකම එකට එකතු කර ස්වාධීන මණ්ඩලයක් යටතට පත් කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (04) ප්‍රකාශ කළේය. ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ සමඟි ජන බලවේගයේ පත් කළ මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න මහතා විසින් කරන සිදු කරන ලද යෝජනාවකට පිළිතුරු දෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මෙසේ ද පැවසීය.

දෙපැත්තම කියනවා මම හරි කියලා. එහෙම නම් ඇයි දෙපැත්තටම එකට එකතු වෙලා වැඩ කරන්න බැරි. අද රටේ තියෙන්නෙ අමාරු තත්ත්වයක්. අපි ඔක්කොම එකට එකතු වෙලා මේක ගොඩගන්න ඕනෑ. විපක්ෂයේ වගේම ආණ්ඩු පක්ෂයෙත් අපි හැම කෙනාටම තියෙන්නෙ එකම තර්ජනයක්. ඒකෙන් ගොඩ එන්න වෙනත් වැඩසටහන් තියෙනවා නම් කියන්න, කවුරුවත් ඉදිරිපත් කරලා නැහැ. මේ කාලයේදී රටටම පෙන්වමු. මේ ප්‍රතිපත්තිය දෙපැත්තම පිළිගන්න නිසා අපි දෙපැත්තම එකට එකතු වෙලා වැඩ කරමු.

පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න,

ජනාධිපතිතුමා කිව්වා එකට වැඩ කරන්න යෝජනා ඉදිරිපත් කරන්න කියලා. සේවක අර්ථසාධක අරමුදල සඳහා ස්වාධීන කළමනාකාරීත්වයක් අවශ්‍ය බව මූල්‍ය අරමුදල නිර්දේශ කර තිබෙනවා. මොකද ඒ අරමුදල මහ බැංකුව යටතේ පාලනය වීම ළබැඳියාවන් අතර ගැටුමක්. ඒ නිසා ස්වාධීන කළමනාකාරීත්ව නිර්දේශය ඉක්මන් කරන්න පුළුවන් නම් හොඳයි. මොකද රටේ හැම දෙනාටම බලපානවා. දෙවැන්න තමයි ජනාධිපතිතුමනි අපිට අවශ්‍යයි ස්වාධීන නඩු පැවරීමේ කාර්යාලයක්. මොකද මේක කරන්නේ නීතිපති දෙපාර්තමේන්තුව. ඒකෙ ප්‍රතිඵල හොඳ නැහැ. විශේෂයෙන්ම දූෂණවලට අදාළව. මේ දක්වා කිසිම කෙනකුට නඩු පවරා දඬුවම් දීලා නැහැ. ස්වාධීන කාර්යාල වෙනත් රටවලත් තියෙනවා. ඉක්මනින් කළොත් ආයෝජකයන්ගෙත් විශ්වාසය දිනාගන්න පුළුවන්.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ ,

සේවක අර්ථසාධක අරමුදලත් සේවක භාරකාර අරමුදලත් දෙකම එකට එකතු කරලා ස්වාධීන මණ්ඩලයක් යටතේ පවත්වාගෙන යන්න කටයුතු කරනවා. කැමති නම් සමඟි ජන බලවේගයේ මන්ත්‍රීවරුන්ටත් සහභාගි වෙන්න පුළුවන් ඒ ගැන සාකච්ඡා කරන්න. සියඹලාපිටිය ඇමැතිතුමා සමඟ සාකච්ඡා කරන්න. ඒ ගැන අපට කිසිම ප්‍රශ්නයක් නැහැ. ඇත්තටම සිදු විය යුත්තේ මේ දේවල් සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමයි. මටත් අවශ්‍යයි ඒ සම්බන්ධයෙන් ඉක්මනින් කටයුතු කරන්න. මේ අරමුදල් දෙකෙන්ම විදෙස් ආයෝජනවලට යොමු වෙන්න පුළුවන් නම් හොඳයි. ඒ ගැනත් කතා කරන්න.

ස්වාධීන නඩු පැවරීමේ කාර්යාලය ගැනත් සාකච්ඡා කරලා තීරණයක් ගන්න පුළුවන්. සාකච්ඡා කරලා එකඟතාවකට එන්න මම ඒක ක්‍රියාත්මක කරන්නම්. පවතින සියලු තත්ත්වයන් සම්බන්ධයෙන් අවධානය යොමු කරමින් කටයුතු කළොත් ජනතාවටත් මෙයින් යහපතක් සිදු වේවි.

දෙවන කාරණය නඩු දාන එක. නීතිපති දෙපාර්තමේන්තුවේ වැඩි බරක් තිබෙන්නේ. මේ කරුණු සම්බන්ධයෙන් සාකච්ඡා කරමු. ඒ වගේම මේවා සම්බන්ධයෙන් ක්‍රියාත්මක විය හැකියි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *