කොළඹ මූල්‍ය නගරයේ ප්‍රථම ආයෝජකයා දිවයිනට

0

පෝර්ට් සිටි ආයෝජන ව්‍යාපෘතිය පසුගිය දා ඩුබායි හි පැවති උත්සවයක දී කොළඹ මූල්‍ය නගරය ( Colombo Financial City ) ලෙස යළිත් නම් කිරීමෙන් පසු , එහි ආයෝජනය කිරීම සදහා ප්‍රථම ආයෝජකයා ලෙස චීන ජාතික සමාගමක ආයෝජකයෝ සිව් දෙනෙක්  කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියහ.

චීනයේ අර්ධ රාජ්‍ය සමාගමක් වන CZK Huarui International Culture and Art ( Beijin ) සමාගමේ සාමාන්‍යාධිකාරී සොෆියා ලී ( SophiaLi )මහත්මිය ඇතුළු තවත් තිදෙනෙක් එසේ පැමිණ සිටියහ .

ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පසුගිය දා චීනයේ සිදු කළ සංචාරයෙන් පසුව ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය සහ ශ්‍රී ලංකා ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යාංශය සමග ඇති කර ගත් එකගතා සහ ගිවිසුම් ගත වීම් මත මෙම ආයෝජකයන් පිරිස පැමිණ තිබුණි .

මොවුන් පළමුවෙන්ම කොළඹ මූල්‍ය නගරයේ ඇමෙරිකානු ඩොලර් මිලියන 50 ක මුදලක් මැණික් කෞතුකාගාරයක් , එයට අනුබද්ධිත මැණික් පිරික්සුම් රසායනාගාරයක් සහ මැණික් වෙන්දේසි මධ්‍යස්ථානයක් පිහිටුවීමට සැළසුම් කර තිබේ .

මීට අමතරව මොවුන් තවත් ඇමෙරිකානු ඩොලර් මිලියන 150 ක ආයෝජනයක් විද්‍යුත් වාහන එකලස් කිරීමේ කර්මාන්තශාලාවක් ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය යටතේ ස්ථාපිත කිරීම සදහා සැළසුම් කර තිබේ .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *