රජයේ සාර්ථක ආර්ථික ප්‍රතිපත්ති නිසා උද්ධමනය කැපී පෙනෙන ලෙස පහළ බැහැලා

0

ශ්‍රී ලංකා මහ බැංකුව

රටේ ආර්ථිකය සවිමත් කිරීමෙහිලා ගෙන තිබෙන සාධනීය වැඩපිළිවෙළ හේතුවෙන් ශ්‍රී ලංකාවේ උද්ධමනය කැපී පෙනෙන ලෙස පහළ ගොස් තිබෙන බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

ඒ අනුව කොළඹ පාරිභෝගික මිල දර්ශකයෙහි මතුපිට උද්ධමනය පසුගිය අගෝස්තු මාසයේ වාර්තා වූ සියයට 4.0 සිට සැප්තැම්බර් මාසයේ දී සියයට 1.3 දක්වා පහළ ගොස් තිබෙන බව ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ නවතම වාර්තාවක් මඟින් සඳහන් කරයි.

මතුපිට උද්ධමනයේ මෙම පහළ යෑම, මේ වසරේ ජූලි මාසයේ දී ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අපේක්ෂා කරන ලද පුරෝකථනයන්ට බොහෝ දුරට අනුකූල බවද මහ බැංකුව පෙන්වා දෙයි.

ශ්‍රී ලංකා මහ බැංකුව අඛණ්ඩව තෙවන මාසයටත් වාර්ෂික ලක්ෂ්‍යමය පදනම මත ආහාර අවධමනයක් වාර්තා වූ අතර, එය 2023 අගෝස්තු මාසයේ පැවති සියයට 4.8ට සාපේක්ෂව 2023 සැප්තැම්බර් මාසයේ දී සියයට 5.2ක් වී තිබෙන බවද කියා සිටී.

වාර්ෂික ලක්ෂ්‍යමය පදනම මත ආහාර නොවන උද්ධමනය 2023 අගෝස්තු මාසයේ පැවති සියයට 8.7හි සිට 2023 සැප්තැම්බර් මාසයේ දී සියයට 4.7 දක්වා තවදුරටත් පහළ ගොස් තිබෙන අතර, සැප්තැම්බර් මාසයේ දී කොළඹ පාරිභෝගික මිල දර්ශකයේ මාසික වෙනස, සියයට 0.88ක් ලෙස වාර්තා වී තිබේ.

මෙයට ප්‍රධාන වශයෙන් දායක වූයේ ආහාර සහ ආහාර නොවන කාණ්ඩවල අයිතමවල මිල ගණන් මාසිකව ඉහළ යෑම වන අතර, එම දායකත්වය පිළිවෙළින් සියයට 0.18ක් සහ සියයට 0.70ක් විය. ඊට අමතරව ආර්ථිකයේ යටිදැරි උද්ධමනය පිළිබිඹු කරන වාර්ෂික ලක්ෂ්‍යමය පදනම මත මූලික උද්ධමනය, 2023 අගෝස්තු මාසයේ පැවති සියයට 4.6 හි සිට 2023 සැප්තැම්බර් මාසයේ දී සියයට 1.9 දක්වා පහළ ගොස් ඇතැයි ද ශ්‍රී ලංකා මහ බැංකුව පෙන්වා දෙයි.

අපේක්ෂා කළ පරිදි මනාව පාලනය වූ උද්ධමන අපේක්ෂා සමඟ සුදුසු ප්‍රතිපත්ති ක්‍රියාමාර්ගවල සහාය ඇතිව උද්ධමනය මැදි කාලීනව මැදි තනි අගයක මට්ටමේ ස්ථාවර වනු ඇතැයි අපේක්ෂා කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *